හිරුණි ශී‍්‍ර ලංකා මැරතන් ඉතිහාසය අලූත් කරයි

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් මැරතන් ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ම කාලය සටහන් කිරීමට හිරුණි විජේරත්න සමත් වූවාය. ඇය ස්පාඤ්ඤයේ වැලන්සියා හී පැවැති මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්ත්පර 16 කින් නිමා කරමින් එම වාර්තාව පිහිටුවීමට සමත් වූවාය.

අදාළ දක්ෂතාවත් සමග ලබන 2021 වසරේ ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබිමේ පළමු අදියර සමත් වීමට හිරුණි සමත් වූවාය.

මේ වනවිට 30 වැනි වියේ පසුවන හිරුණි මී. 5000, 1000 සහ අර්ධ මැරතන් තරග ඉසව් නියෝජනය කරනු ලබයි. ඇමෙරිකාවේදී ඇය විශේෂ පුහුණුව ලබන අතර 2014 වසරේ සිට ශ‍්‍රී ලංකාව නියෝජනය කළ ඇය දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (2019) රන් පදක්කම ද දිනා ගත්තාය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top