විදෙස්ගතව සිට එන අයට නව නිරෝධායන චක්‍රලේඛයක්

කොවිඩ් මර්දනයට ලබාදෙන රජය අනුමත එන්නත ලබාගෙන විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහාවූ නව නිරෝධායන උපදෙස් සහිත විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කරනු ලැබීය .ඒ අනුව එන්නත ලබාගෙන සති 02කට පසු එන ශ්‍රී ලාංකිකයිනට පැමිණ පැය 24ක් ඇතුළත සිදුකරන පීසීආර් පරීක්ෂණයෙන් රෝගය වැළඳී නැති බව වාර්තා වුවහොත් නිවසට ගොස් නිරෝධායනය විය හැකිය.එන්නත ලබාගෙන සති 02කට පෙර එන අය දින 07ක් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතුය.එහිදී සිදුකරන පීසීආර් පරීක්ෂණයෙන් රෝගය වැළඳී නැතිබව තහවුරු වුවහොත් නිවසට ගොස් ඉතිරි දින 07 නිරෝධායනය විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top