රැවටිලි දේශපාලනයට ආයුෂ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉදිරියේ දී තම රජයක් යටතේ ප්‍රාදේශීය සංවර්ධන සැලැස්මක් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කර රටේ ජනතාවගේ ජන ජීවිත දියුණු කිරීමේ වගකීම තමන් බාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රැවටිලි දේශපාලනයට ආයුෂ නොමැති නිසා ඇත්ත ජයගන්න දවස පැමිණෙන බව ද ඔහු සඳහන් කරයි. බද්දේගම දී පැවති ජන හමුවක් අමතමින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ රැවටිලිකාර දේශපාලනයට ආයුෂ නැති බවයි.

වත්මන් ආණ්ඩුවට එය නුදුරේදී අත් විදින්නට සිදුවන ඔහු මෙහිදී කීවේය. රැවටීමට හසු නොවන ලෙස ඔහු මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. ලක්ෂ ගණනක පිරිසක් මෙරට විරැකියාවෙන් පෙළෙන බවත්, රටේ ජනතාව බලවත් පීඩාවකින් සිටින බවත් පැවසූ විපක්ෂනායකවරයා, ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයනවා වෙනුවට විහිලු සපයමින් සිටින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top