මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කෞතුකාගාර අද (20) සිට නැවත විවෘත කෙරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය පුරා විද්‍යාඥ ගාමිණී අදිකාරි මහතා පවසයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලු කෞතුකාගාර අද (20) සිට නැවත විවෘත කෙරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය පුරා විද්‍යාඥ ගාමිණී අදිකාරි මහතා පවසයි.

කොවිඩ්-19 වසංගත උවදුර නිසා සෞඛ්‍ය නීතිරීතිවලට අනුගතව මේ වන තෙක් මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම කෞතුකාගාර සංචාරකයින් සඳහා වසා තිබුණි. ඉදිරියේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමට නියමිත නිසා දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථාන ලෙස ප්‍රචලිත පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර, අනුරාධපුර ඇතුලු මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන දිවයිනේ සියලුම කෞතුකාගාර සහ ව්‍යාපෘති සෞඛ්‍ය නීතිරීති හා චක්‍රලේක ප්‍රකාරව මේ අනුව විවෘත වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top