බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීම

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීමේ සාධනීය තත්ත්වයක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සියලු අධ්‍යාපන කලාප අතරින් පාසල් සිසුන්ගේ වැඩිම පැමිණීම මතුගම අධ්‍යාපන කලාපයෙන් වාර්තා විය. එය 65.5% කි.

එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ මඟ හැරුණු විෂය කරුණු ආවරණය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල මෙසේ පාසල් කටයුතු ආරම්භ විය.

මෙම ක්‍රියාමාර්ගය වඩාත් සාර්ථක කර ගැනීමට දෙමාපියන් ඇතුලු සියලු පාර්ශවයන්ගේ සහයෝගය ඉතා වැදගත් බව අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වා දෙයි.

සිසුන්ගේ පැමිණීම සම්බන්ධව ලැබී ඇති වාර්තා අනුව ක්‍රමිකව සිසුන්ගේ පැමිණීම සෑම අධ්‍යාපන කලාපයකම යහපත් වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top