ගී පද රචක, රචකාවියන්ගේ විශේෂ අවධානය පිණිසයි

ගී පද රචක, රචකාවියන්ගේ
විශේෂ අවධානය පිණිසයි ,,!🙅🙅🙅

මේවා ඇත්තටම ජාතික අපරාද විසදා ගතයුතු ගැටළුවක් නිසාවෙන්ම සංගීත ක්ෂේත්‍රයේ සිටින සහ ඒ සම්බන්ධ යම් දැනුවත් කමකින් පරිපූර්ණ සියළුම දෙනාගෙන් මේ ගැටළුවට විවෘත පිළිතුරක් බලාපොරොත්තු වෙමු,,

01 අපි සංගීතයට , සංගීතඥයට ගායනයට ,ස්ටුඩියෝ එකේ සිට විඩියෝකරණය දක්වා වියදම් වන මුළු මුදලම වියදම් කළ පසු යම් හෙයකින් ,ගායකයා ,පද රචකයා හෝ සංගීතඥයා නොදැන එම ගීතයට copy right issue එකක් පැමිණෙන්නේ නම් අපි කලයුත්තේ කුමක්ද, ?

02 එසේ වන්නේ කෙසේද,,?
ඒකට වගකිය යුත්තෝ කවුද..?

03 එසේ විමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණක් හැටියට හුවාදැක්විය හැ⁣කි ප්‍රධාන කරුණු කීපයක් පවතී යම් හෙයකින් ප්‍රවීන හෝ ආධුනික වේවා එම ගීතයට සංගීතය සපයන සංගීතඥයා එයට අදාල වටිනාකම ලබා ගැනිමෙන් අනතුරුව ඔහු අනුන්ගේ හෝ විදේශ රටක ගීතයක Music වාදනයක් කොපිකර අපි ලබාදෙන නිර්මාණය කොපිකර ගත් වාදනයෙහි කොටසද දමා ගීතයක් හැටියට එළි දක්වන්⁣නේ නම් එම ගීතයේ පූර්ණ අයිතිය හිමි වන්නේ අර විදේශයෙන් ලබාගත් ගී තනුවේ අයිති කරුට මිස අපට නොවේ,

එයට හොදම නිදසුනක් සහිතව ⁣ ඔබවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරිම නව පරපුර නියෝජනය කරන ගී පද රචකයකුට පැවරෙන කාර්‍යයක් ලෙස හදුනා ගතිමි,
පහුගිය දවසක ප්‍රවිණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි මහතා සමග තවත් අපේ හිතවත් ගායිකාවක ගයන ගීතයක් මට එවා තිබුණේ ඒ ගීපද රචනාවේ අයිතිකාරිණිය වූ තවත් ප්‍රවීණ නිවේදිකාවකි,
එම නිර්මාණය සමාජ මාධ්‍ය හරහා විකාශණය කරන ලෙස ඉල්ලා සිටියේ එතුමිය ඒ සදහා නිසි සමාජ මාධ්‍යක නියැලි නොසිටිම නිසාවෙන්ය මගෙ මුහුණු පොත තුලත් යු ටියුම් මාධ්‍ය වගේම tik tok සමාජ මාධ්‍ය වෙතත් එම නිර්මාණය සමාජ ගත කිරිමට මා කටයුතු කළේය,
ටික වේලාවක් ගතවන විට එය tiktok සමාජ මාධ්‍ය පවසා තිබුණේ එය පිට රටකට අයත් music track එකක් බවත් ඔහුගේ අනුමැතියක් නොමැතිව එය මුදා හැරිම සපුරා තහනම් කර ඇති බවත්ය,එහෙයින් එම නියාමනය නිසාම එම sounds නතර කිරිමට ඔවුන් වගබලා ගත්තේය,මම මේ සම්බන්ධයෙන් නැවත විමසිමක් කර බලන කල එහි සංගීතය ලංකාවෙි නමගිය සංගීතඥයකුගේ බැවින් නැවතත් උත්සාහ කලේය ,නමුත් ඔවුන් පවසා තිබුණේ තත්පර 53 ක music වාදනය විදෙස්ගත තනු නිර්මාපකයකු සතු වුවක් බැවින් එහි අයිතිය පෙන්නුම් කලේ ඔහුගේ නමින්ය ,
මෙම ගීතය නිර්මාණය කර දීම සදහා එම සංගීතඥයා එම ගීතය ගයන නව නිර්මාණ ශිල්පිණියගෙන් රු 75,000 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවත් දැනගන්නට ලැබුණි,
“තමන්ගේ හඬින් එච්චර මුදලක් වියදම් කර ලස්සන ගීතයක් කලද එහි අයිතිය තහවුරු කරන්නේ පිටරකට අයත් විදේශික ජාතිකයෙකි,මමත් මේ ගැන හරියටම දැන ගෙන කරුණු සොයා ඔබවවත් දැනුවත් කිරිමට කටයුතු කලේ ඔබ නිර්මාණ කරන ලද නිර්මාණ ඔබට සමාජ මාධ්‍යට මුදා හැරිමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් එය කොතරම් ජාතික අපරායක්ද යන්න තවදුරටත් සනිටුහන් කිරිමටය,

“එහෙයින් ඔබ නැවත නිර්මාණයක් කිරිමෙදී ලංකාවේ කොතරම් පලපුරුද්ද ඇති ප්‍රවිණයකු වුවද, මේ ගැන නැවත නැවතත් අවධානය යොමුකල යුතු අතර ඒ සදහා යම් දැනුවත් කමක් ඇති අයගෙන් එයට අවැසි උපදෙස් ලබා ගැනිමද අනිවාර්ය විය යුතුවේ,

රුවන් රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top