ඊශ්‍රායල් රජයෙන් ශ්‍රි ලංකාවට වෙන්ටිලේටර් උපකරණ ඊයේ ( 24) පරිත්‍යාග කලේය…

ඊශ්‍රායල් රජයෙන් ශ්‍රි ලංකාවට වෙන්ටිලේටර් උපකරණ අද (24) පරිත්‍යාග කෙරේ  

ඊශ්‍රායල් රජය ශ්‍රි ලංකාවට වෙන්ටිලේටර් උපකරණ ඊයේ ( 24) කලේය ඊශ්‍රායල් රජය විසින් පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් උපකරණ දෙකක් (VG70 Ventilator සහ Vivo 65 Advanced Homecare Ventilator) විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ආචාර්ය එස්.එච්. මුණසිංහ මහතා වෙත විදේශ අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාර දුන්නේය.

 

නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය හරහා මෙම වෙන්ටිලේටර් උපකරණ පසුගිය 10 වැනිදා විදේශ අමාත්‍යංශයට බාර දී තිබේ. මෙම පරිත්‍යාගය වෙනුවෙන්, විදේශ ලේකම් කොළඹගේ මහතා ඊශ්‍රායල තානාපති ආචාර්ය රොන් මල්කා මැතිතුමා සමඟ අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී ඊශ්‍රායල් රජය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාවය පළ කළේය. මෙම රැස්වීමේ දී දෙපාර්ශ්වයම කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, විද්‍යා හා තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව සඳහා වන මාවත් පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම වෙන්ටිලේටර් උපකරණ ඉතා ඉක්මණින් භාවිතයට ගෙන සෞඛ්‍ය අංශයට සහය දැක්වීමට සහ වඩාත් අවශ්‍යතාවයෙන් පෙළෙන දැඩි සත්කාර ඒකකවල සිටින බොහෝ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දායක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top