පොඩි හාමුදුරුවන්ට හැත්තෑ හතයි

අදින් වසර පනස් හතරකට පෙර (1954 නොවැම්බර් 08 වැනි දින) කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරයේදී ශරී ජිනරතන පිරිවෙන ආරම්භ කරන ලදී. එහි ආදි කර්තෘ වූ දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ හා රතනජෝති මාහිමිපාණන් වහන්සේ විසින් එදින මාතර හක්මණ ගලබොඩින් කැඳවාගෙන එන ලද දස අවුරුදු පිරුණු කුල දරුවා පැවිදි කර ඔහුට ඥානිස්සර කියා නම් කරන ලදි. සියලූ දෙනාගේ ගෞරවාදරයට පත් පොඩිහාමුදුරුවන් හොඳින් අධ්යාපනය ලබා විෙiා්දය විශ්වවිද්යාලයෙන් 1966 දී උපාධිය ලබා ගත්තේය. වැඩිදුර අධ්යාපනය සඳහා ලන්ඩන් ගිය පොඩිහාමුදුරුවන් තම ගුරු දේවයන් අසනීප වූ නිසා උන්වහන්සේ බලා ගැනීමට පෙරළා පැමිණියේ ය.
මොරොන්තුඩුවේ ශරී ධම්මානන්ද නාහිමි, වැලිවිටියේ සෝරත නාහිමි, දෙහිගස්පෙ පක්ද්ක්දාසාර නාහිමි, කොටගම වාචිස්සර මාහිමි වැනි ධර්ම ධර විනය ධර මහා ප`ඩිවරුන්ගේ ආශිර්වාද මැද හැදුණු වැඩුණු ගලබොඩ හාමුදුරුවන් වහන්සේගේ ළ`ගම මිතරයා හා දායකයා වූයේ රන්ජිත් විජේවර්ධන මහතා යි. විලියම් ගොපල්ලව ජනාධිපතිතුමා පොඩිහාමුදුරුවන්ට සැලකූයේ තම දරුවෙක් ලෙසය.
අපේ ගලබොඩ ඥනිස්සර පොඩිහාමුදුරුවෝ එඩිතරය. අවංකය. නිහතමානීය. උන්වහන්සේගේ හැකියා දක්ෂතා දැන සිටි ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වරක් පරසිද්ධියේ පරකාශ කළේ ‘‘පොඩිහාමුදුරුවෝ ගිහියෙක් වුණානම් මහවැලි හා කෘෂිකර්ම ඇමැතිකම දෙන්නෙ ඔහුටයි.. කියාය.
පොඩිහාමුදුරුවන් අයුක්තිය අසාධාරණයට විරුද්ධව සිංහයෙක් මෙන් ඉදිරියට පැමිණේ. ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ළ`ගින් ඇසුරු කළත් ඉන්දීය ගිවිසුමට විරුද්ධව ගංගාරාමය අසල කළු කොඩි දැමීමට පසුබට නොවූයේ උන්වහන්සේ තුළ වූ ජාතික මාමකත්වය නිසාය. උන්වහන්සේගේ එඩිතරභාවය පෙන්වීමට දහස් ගණන් උදාහරණ ඇත. මෙහිදී උදාහරණ දෙකක් පමණක් දක්වමි.
එක්දහස් නවසිය අසූඅට අගභාගයේදී ලංකාවේ ඇතිවූ ජේ වී පී කැරලි සමයේ හි`ගුරක්ගොඩ මාගේ සහෝදරයාගේ ගෙදර ගේට්ටුවේ මිනියක් බැඳ තිබිණි. එය පොලිසියට දැන්වූ විට පොලිසියේ ඕ අයි සී මහතා මුදල් ගැනීමේ බලාපොරොත්තුවෙන් කැන්ඩි ස්ටෝර්ස් අයිතිකරු වන මාගේ සහෝදරයාගේ මාමණ්ඩිය පොලිසියට රැගෙන යෑමට සූදානම් විය. එය මට ඇමෙරිකාවට දැන්වූ විට එවකට කැබිනට් අමාත්යධුරය දැරූ මාගේ මිතරයින් තිදෙනෙකුගෙන් පිහිට පැතුවෙමි. එහෙත් ඒ අය මෙම සිදුවීම ම`ගහල විට මා අපේ ගලබොඩ ඥානිස්සර හිමියන්ට කථා කළෙමි. උන්වහන්සේගේ මැදිහත් වීම නිසා වහා පරීක්ෂණ ඇරැඹිණි. පොලිස්පති පෙරේරා මහතාගේ විශේෂ ඉල්ලීම පිට දක්ෂ අවංක නිලධාරියෙක් වූ පොලොන්නරුවේ හිටපු පොලිස් අධිකාරි අත්තනායක මහතා පරීක්ෂණ කරන ලදී. එහිදී හි`ගුරක්ගොඩ ඕ අයි සී ගේ කරියා කලාපය හෙළි විය. අපේ පොඩිහාමුදුරුවෝ එම අවස්ථාවේ මැදිහත් නූනානම් අහිංසක පවුලක් විනාශ වීමට ඉඩ තිබිණි.
podi2එපමණක් නොව 2018 වර්ෂයේ මැදභාගයේ මා ශරී ලංකාවට නිවාඩුවකට ගොස් සිටින විට අප වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරභාරයට ගන්නා බවට රාවයක් පැතිර ගියේය. එම අවස්ථාවේදී මා ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක මාහිමි, ඇල්ලේ ගුණවංශ හිමි, මැදගොඩ අභයතිස්ස හිමි හා ගැටමාන්නේ ගුණානන්ද හිමි එවකට ජනාධිපති මෛතරිපාල සිරිසේන මැතිතුමාව හමු වී එය වළක්වන ලෙස ඉල්ලා සිටියෙමු. අපි පැය තුනක් පමණ සාකච්ඡා කළෙමු. අවසානයේදී ජනාධිපතිතුමා අපට කීවේ මේ රනිල්ගේ වැඩක්. රනිල් තමා මේ පොලිස්පති අල්ලාගෙන මේ වැඩ කරන්නේ. පුළුවන්නම් රනිල්ට කියා එය වළක්වා ගන්න. ඊට පසුවදා උදෑසනම මා ගංගාරාමයට ගියෙමි. එහිදී ඥානිස්සර හාමුදුරුවන් සම`ග පෙරදින රාතරි ජනාධිපති සම`ග කරන ලද සාකච්ඡාව විස්තර කළෙමි. ඒ වනවිට ඉන්දියාවේ සිටි රනිල් විකරමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ රනිල් විකරමසිංහ මැතිතුමාට හොඳට ම දොස් න`ගා බැනවැදී කියා සිටියේ ගෝඨාභය වැනි ජාතික වීරවරයකු සිරභාරයට ගතහොත් මහා සංඝරත්නයත් සම`ග පාරට බසින බවයි.
ගෝඨාභය මහතා සිරභාරයට ගැනීමේ තැත එතැනින් නතර විය.
ගලබොඩ හාමුදුරුවන්ගෙන් සිදුවන ජාතික හා ජාත්යන්තර සේවය අති විශාලය. ශරී ලංකාවේ පිරිවෙන් ක්ෂේතරය වෙනුවෙන් සිදු කරන නිහ`ඩ මෙහෙවර දුගී දුප්පත් අසරණ දරුවන්ගේ අධ්යාපනය වෙනුවෙන් කරන මෙහෙවර පරශංසනීය ය.
කතරගම වඳින පුදන අයට නොමිලයේ නවාතැන් ගැනීමට විශරාමශාලා රාශියක් උන්වහන්සේ ඇතිකොට කරමානුකූලව පාලනය කරගෙන යයි. අසරණ ළමයින්ට කතරගම පරදේශයේ නිවාස ඇතිකොට ඒ අයගේ අධ්යාපන හා ආර්ථික දියුණුවට වැඩපිළිවෙළ යොදා ඇත. කොළඹ ගංගාරාම ජිනරතන කාර්මික විද්යාලයෙන් බිහි වූ දසදහස් ගණන් ශිෂ්යයන්ගෙන් ශරී ලංකා ආර්ථිකයට මහත් පිටිිවහලක් ලබා දෙනු ඇත.
මීට අවුරුදු විසිපහකට පමණ පෙර තරුණ භික්ෂූන් වහන්සේ හිසකේ තරමක් වවන බවට රාවයක් පැවතිණ. ඒ ගැන කරුණු සොයා බැලූ ගලබොඩ ඥානිස්සර පොඩිහාමුදුරුවෝ ඇමෙරිකාවෙන් කොණ්ඩ කපන යන්තර දෙදාහක් පමණ ගෙන්වා සංඝයාට දන් දී පූජා කරන ලදී. උන්වහන්සේ දහස් ගණන් බයිසිකල් කතරගම වැනි පරදේශවල අසරණ ගැමි ජනතාවට බෙදා දෙන ලදී.
මීට දසක තුනකට පෙර ඇතැම් ශරී ලාංකික බෞද්ධයන් පරසිද්ධියේ පිරිත් නූල් බැඳීමට මැලිවිය. අද එය හාත්පසින්ම වෙනස් වී ඇත්තේ ගලබොඩ හාමුදුරුවන්ගේ ම`ග පෙන්වීම ඔස්සේයැයි කීම නිවැරදිය. උන්වහන්සේ සියලූම පරභූවරුන්ට පිරිත් නූල් බැඳීමට උනන්දු කළ අතර ගෝල හිමිවරුන්ට හා හිතවත් භික්ෂූන්ට පිරිත් හුයක් බැගින් සාදා දී එය යන හැම තැනම රැගෙන ගොස් දායකයන්ගේ අතේ බඳින ලෙස උපදෙස් දුන්නේය. එමෙන්ම 1976 වර්ෂයේ දී මා ඇමෙරිකාවට පැමිණෙනවිට මට පිරිත් හුයක් දී හමුවන හැමෝට ම පිරිත් නූලක් බඳින ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියේය. අදටත් එම පිරිත් හුය මාගේ අත්බෑගයේ ඇත.
රී ලංකා භික්ෂූන් වහන්සේගේ සේවය ලොවට ගෙන යෑමට මුල් වූවන්ගෙන් ගලබොඩ හාමුදුරුවෝ මුල්තැනක් ගනී. පිටරට ධර්ම පරචාරය පිළිබඳ උනන්දුවකින් 1980 අග භගායේ ඇමෙරිකාවට වැඩම කළ උන්වහන්සේගේ නාමය රැව් පිළිරැව් දෙන්නට තරම් සේවයක් බටහිර බුදුදහම ව්යාප්ත කිරීම වෙනුවෙන් සිදු කර ඇත. ඇමෙරිකාවට වැඩමකොට නිව්යෝක් බෞද්ධ විහාරය ආරම්භ කළ උන්වහන්සේ එය අපවත්වී වදාළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට භාර කිරීම ජාත්යන්තර ධර්ම දූත සේවයට මහත් රුකුලක් විය.
ඉන්පසු උන්වහන්සේ තම ශිෂ්ය රත්නයන්ට අවවාද අනුශාසනා කරමින් විදේශීය ධර්ම පරචාරයේ යොදවමින් තමන් වහන්සේ මාතෘභූමියේ රැඳී සිටිම්න් එහි ජාතික හා ආගමික කටයුතුවල නිරත වන්නේ සාර්ථක නායකයෙක් ලෙසිනි. ගලබොඩ නාහිමියන්ගේ උපදෙස් පරිදි උන්වහන්සේගේ පැවිදි ශිෂ්යයන් විදේශ ධර්ම පරචාරය සඳහා කරන සේවය අති විශාලය. උන්වහන්සේ එහි දී කරනු ලබන සෑම සේවයක් සඳහාම වගකිව යුත්තා ගලබොඩ හාමුදුරුවෝය.
හීම්බුන්නේ කොණ්ඩක්ද්ඤ හිමියන් නිව්යෝර්ක් ස්ටැටස් අයිලන්ඞ් විහාරය හා චිකාගේ බෞද්ධ විහාරය ආරම්භ කොට වැඩ කරන අතර නිව්ජර්සි නිව්යෝක්, ලොන්ග් අයිලන්ඞ් හා බෝස්ටන් විහාර දියුණුව සඳහා වැඩ කටයුතු කරනු ලබයි. විතාරන්දෙනියේ කස්සප හිමියන් බර්නින්හැම් විහාරය ඇත ිකොට බිරතාන්ය මහ රැජිනගෙන් ගෞරව නාම ද ලබා ධර්ම පරචාරයේ යෙදී සිටී.
සියඹලාගොඩ ආනන්ද හිමියන් ඇමරිකාවේ සියටල් පරාන්තයේ වියට්නාම් බෞද්ධ ජනතාවට විශාල සේවයක් කොට ඇරිසෝනා පරාන්තයේ ජාත්යන්තර භාවනා මධ්යස්ථානයක් ආරම්භ කරන ලදී. ඒ සෑම ආයතනයක්ම ආරම්භ කොට ඇත්තේ තම ගුරුදේවයන්ගේ ආශිර්වාදයෙනි. ඒවායේ ආගමික කටයුතු පවත්වන්නේ උන්වහන්සේගේ අවවාද අනුශාසනා ඔස්සේය. ගලබොඩ හිමියෝ නිතර තම ශිෂ්යයන් වහන්සේලාගේ දුක සැප විමසමින් එම විහාරස්ථාන දියුණුව සඳහා නිසි නායකත්වයක් ලබා දෙයි.
අපේ පොඩිහාමුදුරුවන් අසනීප තත්ත්වයට පත්ව දැනට අවුරුදු දෙකක් පිරී ඇත. රටේත් අපගේත් වාසනාවට උන්වහන්සේ සුවපත් භාවයට පත්ව ඇත. උන්වහන්සේ ශරී ලංකාවට හා ජාත්යන්තරයට කරන විශාල සේවාව නොකඩවා හොඳින් කිරීමේ හැකියාව ඇති ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන්, ආචාර්ය පල්ගේම රතනසාර හිමිපාණන් අපේ පාලටුවන ජිනරතන මාහිමිපාණන් හා අවිස්සාවේල්ලේ සුදර්ශන පරිවේණාධිපති දේවාලේගම සුමංගල හිමිපාණන් කරන සේවය විශිෂ්ටයි. මාගේ කළ්යාණමිතර ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන් වහන්සේට දෙසැම්බර් මස 14 දිනට අවුරුදු 77 කි. උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි.
අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි
ඇමරිකාවේ පරධාන සංඝ නායක
(දිවයින ඉරිදා සංග්රහය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top