දම් ඇදුරු උවසර – 2024 /මහාබෝධි දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය සමන් ජයසේකර ගුරු පියාණන්ගේ වසර 40 ක දහම් පාසල් ගුරු භූමිකාව සැමරීම වෙනුවෙන්..

දම් ඇදුරු උවසර – 2024
මරදාන, කොළඹ 10,අග්‍රශ්‍රාවක විහාරස්ථ,
මහාබෝධි දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය සමන් ජයසේකර ගුරු පියාණන්ගේ වසර 40 ක දහම් පාසල් ගුරු භූමිකාව සැමරීම වෙනුවෙන්…,සංවිධානය කරන ලද දහම් ගුරු උවසර – 2024
තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය ලුණුගම් වෙහෙරේ කල්‍යාණිරංසි ස්වාමීන් වහන්සේ…. ප්‍රධාන කොට විහාරස්ථ ස්වාමීන් වහන්සේලා…
සම්බෝධි දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරි මහත්ම මහත්මීන් .. ආරාධිත මහත්ම මහත්මීන්.ධම්මශිලානි සිල් මෑණියන් ගුරු මහත්ම මහත්මීන්…ඇතුළු.දහම් පාසලේ දරු දැරියන් සහ දෙමාපියන්ගේ සහභාගිත්වයෙන්
සම්බෝධි විහාරස්ථ ශාලාවේදි 2024.07.14 වෙනි දින පවත්වන්නට යෙදුනි….
තමන් වෙත උපහාර ලබා ගන්නවා වෙනුවට..,තම දැනුම ශ්‍රමය සහ ධනය කැප කරමින් නිර්ලෝභීව..දැයේ දරුවන් නැණයෙන් ගුණයෙන් පෝෂණය කරන්නට වෙහෙසෙන දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්ගේ සේවය වෙනුවෙන් අගය කිරීමට උත්සවය සංවිධානය කර තිබීම කැපී පෙනුනි.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල ශාසනාරක්ෂ බල මණ්ඩලයේ සක්‍රීය සේවයේ නියුතු දහම් පාසල් වලින් තෝරා ගත් ගුරු මහත්ම මහත්මීන් 15 දෙනෙකු මෙම උත්සවයේදි උපහාර ලැබීය..මීට සමගාමීව තෝරා ගත් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් උදෙසා ශිෂ්‍යත්ව පිරිනැමීමත් ..සම්බෝධි දහම් පාසලේ ගුරු මහත්ම මහත්මීන්ද ඇගයුමට ලක් කරමින් උපහාරයට ලක් කරනු ලැබීය..

1973 වසරේදි ආරම්භ කරන ලද සම්බෝධි දහම් පසලේ පලමු කණ්ඩායමට අයත් ශිෂ්‍යයෙකු වශයෙන් ආරම්භ කල තම දහම් පාසල් දිවියේ ලද සොඳුරු මතක සහ අත්දැකීම්ද..ගුරු භූමිකාව තුල තමන් කල කැපකිරීම් සේම අධිෂ්ඨානය උත්සාහය බාධා මැඩගෙන මෙතෙක් ආ ගමන් මඟ ගැන සමන් ජයසේකර ගුරු පියාණන් සිය කතාවේදී සඳහන් කලේ ඒ ආ ගමන් මඟ තුල තමන්ට ශක්තියක් වූ ගිහි පැවදි සියලු දෙනාවද කෘතවේදීව සිහිපත් කරමිනි….පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුශාසකත්වය ලබන මෙම දහම් පාසලේ වර්තමාන ප්‍රධානාචාර්ය ධූරය හොබවන්නේ පූජ්‍ය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන් විසිනි.
දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නර්තන සහ ගායනා වලින් උත්සවය වර්ණවත් කරන්නට සමත් විය….

උත්සාහය..කැපවීම අධිෂ්ඨානය තිබේ නම් කල නොහැක්කක් නොමැති බව තම ගමන් මඟ තුල සැබෑවක් කරගත් දහම් පාසල් ගුරු දිවියේ 40 වසරක් සපුරන සමන් ජයසේකර ගුරු පියාණන්ට
තවත් බොහෝ කාලයක් මේ කටයුතු වල යෙදෙන්නට දිරිය අවිය ශක්තිය නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවායි සියහඬ අපිද සුභාශිංසනය කරන්නෙමු..

විශේෂ ස්තූතිය…සාරිකා වික්‍රමසිංහ මෙනවිය ( ශ්‍රී සුචරිතෝදය දහම් පාසල- වැලිකඩ බන්ධනාගාරය.)

සටහන…අනුෂා නිලන්තිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top