මෘත දේහ පිලිස්සීමට එරෙහිව විරෝධතාවක්

මෘත දේහ පිලිස්සීමට එරෙහිව විරෝධතාවක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්මුණේ ආසනයේ හිටපු සංවිධායක, කල්මුණේ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී වෙස්ටර්. ඒ. එම් නිසාස් මහතාගේ සහභාගිත්වයෙන් අද (19) පැවැති බව අයිබීසී තමිල් වෙබ් අඩවිය වාර්තා කරයි.

 

මෙම විරෝධය කල්මුණේ ප්‍රසිද්ධ බැංකු පරිශ්‍රයක් ආසන්නයේ දී පැවැත්වා ඇත්තේ ඇදහැලුන වර්ෂාව මධ්‍යයේ ය. උදෑසන ඉස්ලාම් යාඥා මෙහෙයෙන් පසුව විරෝධය ආරම්භ වී පොදු ප්‍රවහනයට බාධාවක් නොවන පරිදි නියමිත කාලයේ දී අවසන් කළ බව ද බව එම වෙබ් අඩවිය පවසයි.

මීට නැගෙනහිර ජාතික විමුක්ති ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ආරම්භක භාණ්ඩාගාරික වෆ්පා ෆාරුක් ඇතුලු දේශපාලන, සමාජ, සුභසාධන හා මාධ්‍ය ක්‍රියාකාරීන් සහභාගි වී තිබෙන බව ද සදහන් වේ.

මෙම විරෝධතාවයේ දී අදාහනයට එරෙහි පාඨ, භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.

මුස්ලිම් මෘත දේහ වැලලීමට අවසර ලබා දෙනු ! වැලලීමේ අපගේ මූලික උරුමය ප්‍රතික්ෂේප කිරීම ඒකාධිපතිත්වයයි ! විද්‍යාව පිළිගෙන ජාතිවාදය අත්හරිනු ! ජාතිවාදීන් එපා ! විශේෂඥයන්ට ඇහුම්කන් දී ක්‍රියා කරනු ! ජාතිවාදය නැතිව විද්‍යානුකූල ක්‍රියා කරනු !  වැනි පාඨ එහිදී සඳහන් වී තිබුණි.

මූලාශ්‍රය : අයිබීසී තමිල් වෙබ් අඩවිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top