හුදකලා කිරීමේ නියෝගය තවදුරටත්

කොළඹ නගරයේ පොලිස් බල ප්‍රදේශ 9 ක් සහ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවා වසම් 32 ක් ආශ්‍රිතව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (20) විවේකී ඉරිදා දිනය වුවත් නිරෝධායන රීති කෙරෙහි අවධානය යොමු කර කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කරයි. හුදකලා කළ ප්‍රදේශයක සිටින කිසිම තැනැත්තෙකුට එම ප්‍රදේශයෙන් පිටතට යාමට නොහැක. එසේ පිටතට යන්නේ නම්, ඔවුන්ට එරෙහිව නිරෝධායන රීති අනුව දැඩිව කටයුතු කෙරේ.

එසේම හුදකලා කළ ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශයක සිටියත්, හැකිතාක් දුරට සංචරණ සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මුහුණු ආවරණ නොපැලඳි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ඊයේ (19) අත් අඩංගුවට ගෙන ඇත. පසුගිය ඔක්තෝම්බර් 30 වෙනදා සිට අද දක්වා කාලයේ දී එසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 1,611 ක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top