ජාතිය ගොඩනැගීමේ සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයන්හී නියැළී සිටින යාපනය භටපිරිස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැසසුමට ලක්වේ.

ජාතිය ගොඩනැගීමේ සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරයන්හී නියැළී සිටින යාපනය භටපිරිස්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පැසසුමට ලක්වේ. ඔහු පසුගිය බ්‍රහස්පතින්දා (17) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන නිළ සංචාරයේ දී  කළ දේශනයේ දී කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ කටයුතු සහ යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් සිදුකරනු ලබන පරාර්ථකාමී කාර්යභාරය ද අගය කළේය. එමෙන්ම, පසුගිය දා ඇති වූ බුරවිසුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් භටපිරිස් කඩිනමින් ආරම්භ කළ සුභසාධන ව්‍යාපෘති සහ ආපදා සහන ක්‍රියාමාර්ග සබැඳිව ද ඔහුගේ ප්‍රශංසාවට ලක් විය.
මෙම සංචාරයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර
, ඊට සමගාමීව, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට ආසන්නයේ පිහිටි පලාලි සෙනුර උයනකඳවුරු පරිශ්‍රයේ දී භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ තුරු මිතුරු – නව රටක්ව්‍යාපෘතියට සමගාමීව අඹ පැළ 400 ක් රෝපණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top