කලා පවුලක උපත ලබන ඔහු ජීවිතය ජයගන්නේ කලාවෙන්. වාදන ශිල්පියකු ලෙස ලොවක් හඳුනන ජනනාත් වරකාගොඩ නම් වූ ඔහු විශාරදවරයෙක්ද වනවා. තමන්ගේ පි‍්‍රයතම ගීතය ගැන ජනනාත් මීවිත ‘ගීයක වරුණ’ ට මෙහෙම කිව්වා.
* ජනනාත්ට මේ ගීතිය තමන්ගේ පි‍්‍රයතම ගීතය බවට පත්කර ගන්න විශේෂ හේතුවක් තියෙන පාටයි.
එහෙම දෙයක් නෑ. පාසල් ශිෂ්‍යයෙක් විදියට ටෙලි නාට්‍ය බැලිල්ල තහනම් වෙලා තිබුණ පසුබිම තමයි මට ගංගා සහ නිශ්ශංක කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය අහන්න ලැබෙන්නේ. මම හිතන්නේ එය කියවෙන තාලයට තමයි මගේ හිතේ ලොකු කැමැත්තක් ඇතිවෙන්නේ.
* වෙන වෙන හේතු පැහැදිලි කළාට බිරිඳ ජානකී එදා පෙම්වතිය ලෙස ළඟින් හිටපු කාලේ ඇයව මතකයේ තියාගෙන කියපු නිසා නේද අදත් මේ ගීතයට පෙම් බඳින්නේ.
කොහෙත්ම නෑ. මම මේ සින්දුවට ආදරේ කළේ ජානකීට ආදරය කරන්න අවුරුදු 15කට 20කට විතර ඉස්සෙල්ලා. ඒ කාලේ මම ජානකී කියල කෙනෙක් දන්නෙත් නෑ.
* ‘සිනා පිපිනා මේ වසන්තේ’ ඔබේ පි‍්‍රයතම ගීතය බව ඇය දන්නවාද?
මම නිතර නිතර මුමුණන නිසා ඇය ඒ බව දන්නවා ඇති. ඒත් මගෙන් ඒ ගැන අහලත් නෑ. මම මේක මගේ පි‍්‍රයතම ගීතය බව ඇයට කියලත් නෑ.
* ඔබ මේ ගීතය ගයද්දී ජානකී දක්වන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ඇය මේ ක්ෂේත්රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ගීතය රසවිඳිනවා ඇරෙන්න එහි ගැඹුරක් අර්ථයක් ඇය දකින්නේ නෑ.
* සමිතා එරන්දතී සමග ලක්ෂ්මන් විජේසේකරයන් ගයන මේ ගීතය ඔබට තනිවම ගායනා කළ හැකිද?
ඔව්. ඒක සුළු දෙයක්. මුල් ගීතය යුග ගීතයක් විදියට ගැයුනට මම මගේ හඬින් ඒ දෙන්නගෙම කොටස් ගායනා කරනවා.
* එලෙස ඔබ ගැයූ අවස්ථා තියෙනවද?
ටීවී චැනල් එකක වැඩසටහනකට සහභාගිවෙලා ඉන්න අතර තුර ගීතයක් කියන්න සිදුවූ අවස්ථාවක මම මේ ගීතය තමයි ගායනා කළේ.
* එවැනි අවස්ථාවක සමිතා ඔබට චෝදනා කළොත් ඇගේ කොටස ඔබ හරියට නොගයන බවට?
එහෙම වෙයි කියලා හිතන්න බෑ. මොකද මට ඇගේ හඬ නැති වුණාට සංගීතය විශාරද දක්වා ඉගෙන ගත්තු කෙනෙක් හැටියට සෘතියට අනුව ගී ගැයීමේ හැකියාව තියෙනවා. අනික මම සංගීත තරගවල ජජ් බෝඞ්වල පවා හිටපු කෙනෙක්. ඒ නිසා ඔය චෝදනාව මට එල්ල වෙන්නේ නෑ.
* මේ ගීතය මෙතැන් පටන් අපි දෙන්නා ගායනා කරමු කියලා ඇය ඔබට ආරාධනාවක් කළොත්?
ආදරණීය ලක්ෂ්මන් විජේසේකර කලාකරුවාණන්ගේ අවසරය ලබාගෙන මම ඇයත් සමග ගීතයේ රෙකෝඩිං එකකට යනවා.
* ඔබේ සාර්ථක බව දැක ලක්ෂ්මන් විජේසේකරයන් කිව්වොත් ඔබම ඇය සමග ගීතය දිගටම ගායනා කරන්න කියලා.
ලක්ෂ්මන් අන්කල් මාව හොඳින් දන්න අපි ගැන හොයල බලන පවුලේ සමීපතමයෙක් හැටියට එහෙම කියන්න බැරිකමකුත් නෑ.
* ඔබට මොනව හිතෙයිද?
ප්රවීණයකුගෙන් ලැබුණ ගොඩක් වටින තෑග්ගක් විදියට මට ලොකු සතුටක් දැනේවී. බොහොම ආදරෙන් ස්තුති පූර්වකව භාර ගන්නවා.
* වාදන ශිල්පියෙක් විදියට මේ ගීතයේ සංගීතයට නව මුහුණුවරක් දෙන්න පුළුවන්ද?
මෙලඩිය වෙනස් නොකර පර්කෂන් පැත්තෙන් ඇරෙන්ජ්මන්ට් එකක් දාලා සංගීත සංයෝජනයන් වෙනස් කිරීමේ හැකියාව මට තියෙනවා.
* මුල් ගායනයට වඩා ඒ හරහා වෙන්නේ යහපතක්ද අයහපතක්ද?
අපි එය යහපත් විදියට යොදාගත යුතුයි. අපේ රටේ අඩු වුණාට පිටරටවල්වල කවර් වර්ෂන් ඕන තරම් සිදුවෙනවා. මොකද ඒ හරහා මතු පරම්පරාවට ගීතය රැුකෙනවා. ඒත් මුල් ගායනයට නියමිත ගෙවීම් කරල තමයි එය ලබාගන්න ඕන. අවස්ථාව හිමිවුණොත් නීත්‍යනුකූලව ඒ දේ කරන්න මට හැකියාව තියෙනවා.
ධම්මික හේවාවසම්
දිවයින