ජයලාල්අයියව මට හමුවෙන්නේ 1987 දී විතර. ඒ මම උසස් පෙළ හදාරන වකවානුවේ වේල්ස් කුමාර විiාලයේ චිත්‍ර හා නාට්‍ය ගුරුවරයා වූයේ තිස්ස ගුණවර්ධනයන්ය.
තිස්ස සර්ගේ නාට්‍යයකට දායක වීමට ආශාවෙන් අනිත් විෂයන් සඳහා පන්තිවල නොසිටිමින් සර්ගේ කාමරයේ දැලේ එල්ලී බලාගෙන සිටි වාර අනන්තයි. මන්ද සර්ගේ නාට්‍යයක රඟපෑම සඳහා විශාල ගෝල බාල පිරිසක් තිස්ස සර් වටකර ගෙන සිටියහ. ඒ නිසා දැලේ එල්ලී සිටි මාව නොපෙනෙන්නට ඇත. නමුත් මාගේ උත්සාහය අත්හැරියේ නැත.
එවකට බොරැුල්ලේ කිංසි පාරේ තිබූ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, වසන්ත විට්ටච්චි සහ ජයලාල් රෝහණ සති 2 ක වැඩමුළුවක් කරන දැන්වීමක් මම සොයිසාපුර පුස්තකාලයට ගොඩවූ විට ඇස ගැටුණි. ඒ සඳහා මට ඇරයුම් ලැබිණි. උසස් පෙළ කරන කාලයේ සති 2 ක් පාසල් නොයා උදෑසන 8 සිට සවස 5 තෙක් මෙම වැඩමුළුවට දායක විය යුතුය.
මම සම්මුඛ පරීක්ෂණයට ගියේ පාසල් ඇඳුම පිටින්මය. මා දුටු ඩග්ලස් සිරිවර්ධනයන් ඉස්කෝලේ යන ළමයි මේ වැඩමුළුවට ගන්න බෑ. ඉස්සෙල්ලා විභාගෙ හොඳට පාස්වෙලා අපේ ඊළඟට තියෙන වැඩමුළුවකට එන්න සිරිවර්ධනයන් එසේ කීවේය.
මා බිඳුණු බලාපොරොත්තු මත බොරැුල්ලෙන් හැරී ගෙදර ඒම සඳහා හැරුණුවිට මා පසුපස ආවේ එච්. ඒ. පෙරේරා සහ ජයලාල්ය. අපි ඔයාව මේකට බඳවා ගන්නම් විභාගෙට හානියක් කර ගන්නේ නෑ නේද?මම කිව්වේ නෑ සර් මගේ යාළුවන්ගෙන් නෝට්ස් ටික ලියාගෙන ?ට හොඳට පාඩම් කරනවා. මා එසේ නොකළත් ඔවුන් දෙදෙනාට මම බොරුවක් කීවෙමි. ඒ අහිංසක බොරුව කීවේ නාට්‍ය කලාවට ඒමට ඇති ආදරය නිසාය.
මූ කලාව ඇතුළේ මොනවා හරි කරයි. මාර උනන්දුවක් තියෙන්නේ අපි මේකව ගමු. ජයලාල් එච්. ඒ.ට කීවේය. එච්. ඒ. ඩග්ලස්ට එකවරම කීවේ මෙයාව ගමු කියාය. ඞී. එස්. සේනානායක විiාලයට සීසන් එකක් අරගෙන පාසල් යනවා කියා මා මොරටුවෙන් ඞී. එස්. එකේ බස් රථයට නැඟ ඒ වැඩමුළුව සඳහා සහභාගි විය.
ජයලාල් එතැන ගුරුවරයකු වුවත් ලොකු හාදකමක් අප තුළ ඇති නොවීය. අශෝක හඳගම ‘හෙණ’ නමින් වේදිකා නාට්‍යක් කළේය. එහි ප්‍රධාන චරිත 2 ක් වූයේ චුල්ල ජයවර්ධන සහ ජනක කුඹුකගේය.
ජේ. ආර්. ගේ ආණ්ඩුවක් හරහා වාමාංශික ව්‍යාපාරයත් දැඩිව විවේචනයට ලක්වූ ‘හෙණ’ නාට්‍යයේ අලූත් වැඩක් ගැන ඇඟිලි ගැන්නා. හදිසියේම චුල්ල සහ ජනක නාට්‍යයෙන් ඉවත් විය. ඒ ගැන මා මේ බවත් ලියමි. මට ඒ ගැන එකල ලොකු වැටහීමක් නොමැති විය. ඒ ගැන කවදා හෝ පිරිසිදු සත්‍යය දන්නේ අශෝක හඳගමයන් පමණි.
එම චරිත දෙක සඳහා රඟපෑමට ආවේ ජයලාල් සහ රොජර් සෙනෙවිරත්නය. ඒ තුළින් මට ජයලාල් හා සමීප වීමට හැකි විය. මේ දිනවල ඔහුගේ ‘ලෝක’ නාට්‍යය පුහුණුවීම් කළේය. වරෙං රියෂල් බලන්න මට ඔහු ආරාධනය කළේය.
ඒ අනුව මට ජයලාල්ගේ ‘ලෝක’ නාට්‍යය පුහුණුවීම් කටයුතුවලට ගියත් මට චරිතයක් ලැබුණේ නැත. අඩුම වශයෙන් පසුතලයක් ඔසවාගෙන යෑමට වත් ඔහු මා යොදා නොගත්තේය. නමුත් නාට්‍ය බස් එකේ මාව රැුගෙන ගියේය. මට ඇති කාර්යය බස් රථය ආරම්භ වූ තැන සිට ගමනාන්තය දක්වා සින්දු කීමටය. ඒ සඳහා මට දවුල් බෙරයක් ලබා දුන්නේය. ඊට අමතර නාට්‍ය අවසානයේ රුපියල් 100ක් ලබා දුනි. 1987 රුපියල් 100 කියන්නේ හරි ලොකු වටිනා ගාණකි. ඔහු රඟපෑ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ ‘හිට්ලර්’ නාට්‍යයේ ඔහු රඟපෑ සොල්දාදුවාගේ චරිතය මට නම් කිසි දිනෙක අමතක නොවේ. එය ඒ තරම් විශිෂ්ට රංගනයකි. එය මා මනසේ කොතරම් පැළපදියම් වී තිබුණා ද කියතොත් සරත් වීරසේකරයන්ගේ ‘ගාමණී’ චිත්‍රපටයේ සාජන් රණසිංහගේ චරිතයට අවශ්‍ය මෙවලම් ජයලාල්ගෙන් සොරා ගත්තෙමි. එහි ප්‍රතිඵලයක් වූයේ මා සිංහල සිනමාවේ හොඳම සහය නළුවා ලෙස සම්මාන ලැබීමයි.
ඔහු මුවින් පිටවන සෑම වචනයක්ම දැනුමයි. ඕනෑම ක්ෂේත්රයක් ගැන කතා කළත් ජයලාල් එහි කෙළ පැමිණියෙකි. ‘ද නිවුස් පේපර්’ නමින් පසුගියදා මාත් සරත් කොතලාවලත් කළ චිත්‍රපටයේ චරිතයකට ඔහුට ආරාධනා කළේය. ඔහු එය මහත් සතුටින් භාරගෙන අප සියලූ දෙනා සතුටු කරමින් එය විශිෂට ලෙස රඟදැක්වීය.
රූගත කිරීම් අවසන ඔහුට අදාළ මුදල මාත් කොතලාවලත් ගොස් ලබා දුන්විට ‘පිස්සු බං’ උඹල දෙන්නා මගේ ගෝලයෝ උඹලගෙන් සල්ලි ගන්න පුළුවන්ද ජයලාල් කීවේය.
ඔහුට මුදල් දීමට අප දෙදෙනාට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය. අඩුම ගානේ ගෙදරට යන්න වාහනයක් නිෂ්පාදන අංශයෙන් ඔහුට ලබා දුනි.
‘පිස්සු බං ඒකටවත් මට වියදම් කරන්න එපා මම මරදානට ගිහිං කෝච්චියේ ගෙදර යන්නං’ කියා පාරේ ආ බස් රථයකට නැඟ අපිට අත වනා ඔහු ඈතට ගියේය.
ජයලාල් සමඟ මට අවසන් වරට රඟපාන්න ලැබුණ සුසිරන් ද සිල්වාගේ මිස් ජෙනිස් චිත්‍රපටයේය. අප අතරින් වියෝවූ ජයලත් මනෝරත්නයන් ද අප සමඟ රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දැරීය.
ජයලාල්ගේ සහ මනෝරත්නයන්ගේ මුවින් පිටවෙන වදන්වලින් මම බොහෝ දේ උගත්තෙමි.
ජයලාල් යනු නිකම්ම නිකං නළුවකු නොවේ. දේශකයෙක්, කථිකාචාර්යවරයෙක්, නාට්‍යකරුවෙක්, පිටපත් රචකයෙක්, දේශීය ආයුර්වේදය සහ ජනමාධ්‍ය සම්බන්ධව උපාධි රැුසක් ලබාගත් ඇවිදින පුස්තකාලයකි.
ඔහු මීට වසර කීපයකට පෙර දෙමටගොඩදී කෝච්චියක ගැටීමෙන් දැඩි ලෙස රෝගාතුර විය. ඔහුට තිබූ දැඩි ආදරය නිසා ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා මා කළ මෙහෙයුම මාගේ ‘මගේ ජීවිතේ’ කෘතියේ ලියා තැබුවෙමි. එය කියවා පමණක් පාඨක ඔබට සමුදිය නොහැක. කොතරම් ගායකයන් සිටිය ද ‘හදවත රත්තරන් ජෝති’ කියා ජනතාව දුන් ඒ විශිෂ්ට නාමය නාට්‍ය කලාව වෙනුවෙන් හැ¥ දරු පරපුර වෙනුවෙන්ද, දේශපාලනඥයන් රට වනසනවිට එයට එරෙහිව තම විරෝධය කිසිදු බියකින් තොරව ප්‍රකාශ කිරීම උදෙසා හදවත රත්තරන් ජයලාල් යනුවෙන් ප්‍රකාශ කිරීමට මා පැකිළෙන්නේ නැත.
දේශමාන්‍ය කලා භූෂණ කීර්ති ශී‍්‍ර විතරක් නෙමෙයි ආචාර්ය, මහාචාර්ය පදවිවලටත් වඩා ජනතාවගේ හදවතින් එන ඒ හැඟීම් බව වදන තරම් වටිනා දෙයක් තවත් නැති බව දැනී කොහේ හෝ හොඳ තැනක ඉන්නා ඔබ මේ ලිපිය බලා ඔබගේ සුපුරුදු කොක් හඬලා සිනාසෙන හඬ මට යාන්තමින් ඇසේවි.
මා ලියූ ‘මගේ ජීවිතේ’ කෘතියට ජයලාල් ගැන ලියූ සටහනයි මේ.
කුමාර තිරිමාදුර
දිවයින