ස්වතන්ත‍්‍ර නාට්‍ය පමණක් නොව ලෝකයේ මහා නාට්‍යකරුවන් බිහිකළ අද වන විට සම්භාව්‍ය නාට්‍ය බවට පත් වී තිබෙන නාට්‍ය ගණනාවක් අනුවර්තන හා පරිවර්තන වශයෙන් සිංහල රංග භූමිය මත ප‍්‍රති නිර්මාණය කරමින් ලාංකික නාට්‍ය පේ‍්‍රක්ෂකයා විශ්මයට පත් කරන ලද්දේ හෙන්රි ජයසේනයන් බව අතිශයෝක්තියක් නොවේ. ඔහු
දේශනයක දී අනුවර්තන හා පරිවර්තන නාට්‍ය පිළිබඳව මෙලෙස සිය අදහස් දක්වයි.
‘අපේ ඇතැම් නාට්‍යකරුවන් ඉන්නවා, විදේශ කෘති අනුවර්තන හෝ පරිවර්තන එක හෙළාම හෙළා දකින. මා නම් හිතන්නෙ මෙය වැරදි මතයක්. ලෝකයේ කිසිම රටක නාට්‍ය පමණක් නොවෙයි අනෙක් සාහිත්‍ය අංශ පවා ඕපපාතිකව වැඞී නැහැ. ඒ ඒ රටවල ඒ ඒ සංස්කෘතීන් අනෙක් රටවල සාහිත්‍ය, පොත පත ඉතිහාසය ආදිය හදාරනවා. ඒ මගින් තම තමන්ගේ සාහිත්‍ය පොත පත කාව්‍ය, වේදිකාව ආදිය පෝෂණය කරනවා…..’
97 ලෝක නාට්‍ය දින දේශනය
හෙන්රි ජයසේනයන්ගේ ප‍්‍රථම අනුවර්තන නාට්‍ය ‘මනමාලයෝ’ නම් විය. ඉංග‍්‍රීසි කවියකු වන පී. බී. ‘ෂෙරිඩන්ගේ The Rivals ඇසුරින් නිර්මාණය වූ මෙම නාට්‍යය ප‍්‍රථම වරට වේදිකාගත කොට ඇත්තේ 1954 නොවැම්බර් මාසයේ දිනෙක බොරැුල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේ දීය. ප‍්‍රහසනයක් ලෙස හඳුන්වා ඇති ‘මනමාලයෝ’ නාට්‍ය පිළිබඳව, මහ ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන් මෙලෙස සඳහන් කරයි. ‘ඔබේ මනමාලයෝ නමැති නාට්‍ය හොඳ ප‍්‍රහසනයකි. එහි දී මුල් නාට්‍යයෙන් සිංහලට කළ අනුවර්තනය හා වේදිකාවේ රංග කටයුතු ආදිය ද ඔබ ඉතා හොඳින් නිමවා තිබූ බව පැහැදිලි විය.’
ඉන්පසුව හෙන්රි නැවතත් ග‍්‍රීක නාට්‍යකරු ඇරිස්ටොෆනිස්ගේ The Clouds ඇසුරෙන්, ‘ඇත්ත කුමක් ද?’ නම් වූ නාට්‍යය 1955 දී නිෂ්පාදනය කර ඇත. සුඛාන්තයක් වූ මෙම නාට්‍යයට තේමාව වී ඇත්තේ අලූත් දේට වඩා අපේ පැරණි සම්ප‍්‍රදාය හොඳ බවයි. ඉංග‍්‍රීසි ගත්කරු ඔස්කා වයිල්ඞ්ගේ A Woman of No Importance ‘වැදගත්කම’ නමින් සිංහල වේදිකාවට ගෙන එන්නේ 1956 අගෝස්තු මාසයේ දීය. මෙය ද අනුවර්තන නාට්‍යයක් වූ අතර ඉන් කියැවෙන්නේ අවැදගත් යයි සලකන ලද කාන්තාවක් වැදගත් වු ආකාර යයි.
1959 දී හෙන්රි, දොස්තොවුස්කිගේ Crime and Punishment නවකතාව ඇසුරෙන් කළ ‘පව්කාරයෝ’ නාට්‍යය මගින් අනුවර්තන නාට්‍ය කලාවේ යම් පෙරළියක් සිදුකිරීමට සමත් වෙයි. ඒ වන විට පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනා සිටි ‘මනමේ’ වැනි ශෛලිගත සම්ප‍්‍රදායන් අනුකරණයෙන් මිදී ගීතය බෙරය නැටුම් ආදිය එදිනෙදා ජීවිතය හා බැඳුණු නාට්‍යයකට සාර්ථකව යොදාගත හැකි වේද යන්න අත්හදා බැලීමට හෙන්රි ගත් උත්සාහයක් හැටියට මෙම ‘පව්කාරයෝ’ නාට්‍ය හඳුන්වා දී තිබුණි. ‘පව්කාරයෝ’ නාට්‍යයේ තේමා ගීතය ගායනා කරමින් හා පසුබිම් සංගීත ඛණ්ඩ වාදනය කරමින් හෙන්රිට සංගීත සම්පාදනයෙන් සහය වී ඇත්තේ පණ්ඩිත් විශාරද අමරදේවයන්ය. මෙහිදී සිදුවූ තවත් සුවිශේෂ කාරණයක් හැටියට සඳහන් වන්නේ 59 ප‍්‍රථම නාට්‍ය උළෙලේදී හොඳම නාට්‍ය පිටපතට හිමි සම්මානය ද ‘පව්කාරයෝ’ නාට්‍යයට හිමි වීමයි. (කරළියක කතාවක්*
එතැන් සිට ලෝක සම්භාව්‍ය නාට්‍ය ගණනාවක් සිංහලට පරිවර්තනය කරමින් සිංහල වේදිකාවට හඳුන්වා දෙමින් පරිවර්තන නාට්‍ය ක්ෂේත‍්‍රයෙහි නව මං තැනීමට සමත් වුණි. හුනුවටයේ කතාව, අහස් මාළිගා දිරිය මව සහ ඇගේ දරුවෝ සහ මකරා යන ප‍්‍රබල නාට්‍ය ගණනාවක් මේ අතර වෙයි. හුනුවටයේ කතාව, සහ දිරිය මව සහ ඇගේ දරුවෝ බර්ටොල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල පරිවර්තනයන්ය. ‘අහස් මාලිගා’ 1966 දී වේදිකාගත කළ ටෙනසි විලියම්ගේ The Glass Menagerie නාට්‍යයේ අනුවර්තයක් බව පවසන හෙන්රි, එම අනුවර්තනය ගැන සෑහීමට පත්නොවූ නිසා නැවත 1996 දී එහි පූර්ණ පරිවර්තනයක් සිදු කර සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විශ්ව නාට්‍ය පුස්තක මාලා ව්‍යාපෘතිය යටතේ ‘පුංචි පළිගුරෑන’ නමින් ප‍්‍රකාශයට පත් කළ බව සඳහන් කරයි. ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ බර්ටොල් බ්‍රෙෂ්ට්ගේ Mother Courage නම් නාට්‍යයේ පරිවර්තනයකි. 1972 දී මෙම නාට්‍යය වේදිකා ගත කරමින් හෙන්රි පවසන්නේ.. ‘මෙහි පසුතලය යුද්ධයයි යුද්ධයේ සිත් පිත් නැති බවයි, යුද්ධයේ අමානුෂික කම්පන යයි..’ දිරිය මව නාට්‍යයේ එක් තැනෙක චරිතයක මුවින් මෙසේ පළ වෙයි ‘මුළු ලෝකයම පණ අදිනවා.’ එහෙත් එක් විචාරකයෙක් පවසා තිබුණේ ‘ලෝකය පණ අදියි. ඒත් මවට දිරිය ඇත…’ යනුවෙනි.
හෙන්රි 1973 වසරේ වේදිකාවට කැන්දාගෙන ආ රුසියානු ජාතික යෙව්ජිනි ෂොවාට්ස්ගේ The Dragon ඇසුරෙන් නිර්මිත ‘මකරා’ ඔහුගේ තවත් විශිෂ්ට පරිවර්තනයකි. ‘හැම හදවතකම සැඟවී සිටින මකරා විනාශ කළාට පසු අපට පුළුවන් ප‍්‍රීතියෙන්කිව නොහැකි තරම් ප‍්‍රීතියෙන් ජීවත් වෙන්ඩ…’ මේ මකරා නාට්‍යයේ අදහස කුළුගන්වන කියමනයි.
1967 දී හෙන්රි ජයසේනයන් ජර්මන් ජාතික බර්ටොල් බ්‍රෙෂ්ට්ගේ The Caucasian Chalk Circle නම් නාට්‍යය සිංහලට පරිවර්තනය කර වේදිකාව මතට රැුගෙන එන්නේ තම නාට්‍ය ජීවිතයේ තවත් සුවිශේෂ පියවරක් ඉදිරියට තබමිනි.
සිංහල නාට්‍ය කලාව වසා එල්ලා තිබූ තාත්ත්වික ශෛලිගත ආදී බොළඳ කල්පිතයන් ගලවා දමා, එය නැවතත් නාට්‍ය ධර්මයේ ප‍්‍රකෘතිය වෙත ගෙන යෑමට හෙන්රි ජයසේන සමත් වී ඇත. නාට්‍ය කියන්නෙ මෙන්න මේකයි! කියා හුනුවටය බලද්දී අපට සිතෙන්නේ එබැවිනි. නාට්‍ය කියන්නේ මේක නම් එය කෙතරම් සුන්දර දෙයක් ද? එය අපගේ පොදු ජනයාට කෙතරම් හොඳින් රස විඳිය හැකි දෙයක් ද? .. තිස්ස අබේසේකර – (අභිනය – 6*
හුනුවටය කතාව නාට්‍යය ප‍්‍රථම වරට කොළඹ ලූම්බිණි රඟහලේ රඟදැක්වෙන්නේ 1967 මාර්තු මස 8 වන දින දීය. දින 5ක් නොකඩවා රඟදැක්වුණි. හෙන්රිගේ මතක සටහන් පොතේ මෙම දැවැන්ත නාට්‍ය නිෂ්පාදනයේ දී ඔහු ලත් නාට්‍යකරුවකුගේ අත්දැකීම් කියවීම හා ඔහුගේ නිෂ්පාදන සැලසුම් කියවීම වත්මන් අංකුර නාට්‍යකරුවන්හට ද ප‍්‍රයෝජනවත් වේ යැයි සිතමි. 1965 දී තම විදෙස් ශිෂ්‍යත්වය අවසන් කරන හෙන්රි හුනුවටයේ කතාව පරිවර්තන කටයුතු ආරම්භ කරයි. ඔහු මේ සඳහා හුනුවටයේ ඉංග‍්‍රීසි පරිවර්තනය යොදා ගත් බව කියයි.
මා මුලාශ‍්‍ර වශයෙන් ගත් ඉංග‍්‍රීසි පරිවර්තනය මුල සිට ම මගේ සිත කය සම් මස්, නහර ඇට මිදුළු – මගේ මුළු සර්වාංගය පුරාම විහිදී විනිවිද ගියා සේ වුණි ය. ඇත්ත වශයෙන් ම එය පරිවර්තනය කිරීමෙහි දී වෙනත් ඇතැම් නාට්‍ය පරිවර්තනයෙහි දී හෝ අනුවර්තනයෙහි දී මෙන් මගේ සිත මොහොතකට හෝ ගැටගැසුණේ නැත. මොළයට වෙහෙසක් දැනුණේ නැත. පිනිබර උදෑසනක මෙන් මුල සිට ම සියල්ල පැහැදිලි විය. කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් මෙන්, කිසියම් අසාමාන්‍ය පිබිදීමකින් මෙන් මගේ සිතට වදන් ගලා එන්නට විය…. (නිම්නැති කතාවක් – 2*
හෙන්රි සඳහන් කරන පරිදි හුනුවටය පරිවර්තනය සඳහා ඔහුට මාස 8 ක් පමණ ගත වී ඇත. ඔහු පසු කලෙක සඳහන් කරන්නේ, හුනුවටය පොත පෙරළා බලන විට එම කෘතියෙහි කිසිදු වචනයක් වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොදුටු බවයි. පරිවර්තනය සම්පූර්ණ කිරීමෙන් පසු නළු වරණයක් පවත්වා ප‍්‍රථම කියවීම සිදු කර ඇත්තේ 1966 ඔක්. මස 8 හෝ 9 වන දින සිටය. එතැන් සිට නාට්‍යය වේදිකාගත කරන දින දක්වා ඔහුගේ නාට්‍ය සැලසුම මෙහෙයවීම් පැමිණි බාධා හා ජයග‍්‍රහණ පිළිබඳව කරන විස්තරය කියවන විට අපට හැෙඟනුයේ නාට්‍යකරුවකුගේ නොසැලෙන අධිෂ්ඨානය හා කැපවීම සර්වකාලින නිර්මාණයක් බිහි කිරීමේ දිගු ගමනකට මං පෙත් විවර කළ බවයි.
පසු කලෙක හෙන්රි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනයකදී නාට්‍ය පරිවර්තනයකදී ඇති වන ගැටලූ ගැන හුනුවටය ආශ‍්‍රයෙන් ඉතා වැදගත් කරුණු කීපයක් මෙලෙසින් හෙළිදරව් කරයි.
‘.. නාට්‍ය ගැන ලොකු ඇල්මක් නැතිනම් එය පරිවර්තනය කරන්න බැහැ. අනෙක් වැදගත් කාරණය තමයි, වෙනත් භාෂාවකින්, ඉංග‍්‍රීසියෙන් තියෙන නාට්‍යයක් පරිවර්තනය කිරීමේ දී එය අපේ රටට, අපේ සමාජයට කොයිතරම් ගැලපේ ද කියන කාරණය ගැනත් කල් මත්තෙන් ම හිතා බලන්න ඕනෑ…’ (නිර්මාණ පසුබිම*
එම දේශනයේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මුල් නාට්‍ය පිටපත කිහිපවරක් කියැවීම තුළින් පැන නඟින ආසාවත් මනසට ගලා එන අදහස් නිසා අමාරු දෙය පවා සකස් වන බවත් අපැහැදිළි තැන් ද පැහැදිලි වන බවයි. ඉංග‍්‍රීසි නාට්‍යක ඇති භාෂා විලාශය හා වේදිකාව ඇතුළු සෑම දෙයක් ම අපට නොගැලපෙනවා විය හැකියි. පරිවර්තනයේ දී මෙම කාරණා හොඳින් සැලකිල්ලට ගතයුතු බව අවධාරණය කරයි.
හුනුවටය පරිවර්තනයේ දී ඇතැම් තැන් අපට ගැලපෙන පරිදි සුළු වශයෙන් වෙනස් කළ බව ද ඔහු සිහිපත් කරයි. ‘මුල් නාට්‍යයට අනුව සඳහන් පාත්තයෙක් (goose* ආහාරයට ගැනීම අපට නොගැලපේ. කුකුළා කෑමට ගත්තා කීම සිංහල ක‍්‍රමයට අනුව වඩාත් හුරුයි. elm tree කියන යෙදුම වෙනුවට ඇහැළ ගස කියා යෙදීම ගැලපේ යැයි මම සිතුවා.
ඇහැළ ගස මල් ඵල දරන විට – ඇහැළ ගස යළි කොළ සලන විට හේවායින් දෙදෙනා ගයන.. යුද්දෙට මං ගියා – ගෑනි ගෙදර තියා … ගීය ඉංග‍්‍රීසි ගීයේ සම්පූර්ණ පරිවර්තනයක් නොවන බවද මුල් අර්ථයට බාධාවක් නොවන පරිදි සකස් කළ බවද හෙන්රි එම දේශනයේ දී පවසා තිබේ.
ඔහු තවත් තැනෙක බ්‍රෙෂ්ට්ගේ රංග සංකල්ප ගැන ද සිය අදහස් පළ කරමින්, නළු නිළියන් වේදිකාව හා පේ‍්‍රක්ෂකයන් අතර බැඳීම සිඳලීම නොහොත් පේ‍්‍රක්ෂක මෝහනයට බාධා කිරීම යන බ්‍රෙෂ්ට් සංකල්පය ගැන ද අදහස් දක්වයි. බ්‍රෙෂ්ට්ගේ ඉංග‍්‍රීසි බසින් Alienation නමින් හැඳින්වෙන රංග සංකල්පයට ‘දුරස්තීකරණය’ හෙන්රිගේ යෙදුමයි. සැප පහසු රංග ශාලා තොතිබූ යුගයක කුසීත පේ‍්‍රක්ෂකයන් පුබුදුවාලීමට ඔවුනගේ අවධානය රකිමින් මෝහනය බිඳින්නට බ්‍රෙෂ්ට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු යොදාගෙන ඇති විධික‍්‍රමයන් අතර ‘දුරස්තීකරණය’ ද එක් උපක‍්‍රමයක් පමණි. එහෙත් පසු කලෙක ‘දිරිය මව’ වැනි නාට්‍යවල බ්‍රෙෂ්ට් මෙම සංකල්පය වෙනස් කර තිබෙන බවද, එය ඔහුගේ මුද්‍රා තබන ලද ආඥාවක් නොවන බවද, හෙන්රි සඳහන් කරයි.
හුනුවටය කතාව දේශියකරණය කිරීමේ දී එකතු කර ඇති අනෙකුත් අංගෝපාංග දෙස බලන කළ එදා හුනුවටය පසුතල නිර්මාණයෙන් ද වෙස් මුහුණු හා රංග වස්ත‍්‍ර යනාදියෙන් පමණක් නොව සතර අභිනයෙන් සහ විස්මිත සංගීත සංයෝජනයෙන් ද පෑ පෙළහර හා දැරූ පොහොසත් බව ගැන සිතන විට හුනුවටය පේ‍්‍රක්ෂකයන්ට විස්මිත නාට්‍යයක් වූවා සේම නාට්‍ය විෂය හදාරන්නන්හට නාට්‍ය වැඩමුළුවකට දෙවැනි නොවීය.
හුනුවටය මංගල දර්ශනයේ දෙවැනි දින දී ප‍්‍රධාන ආරාධිතයා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් නාට්‍ය දර්ශනයෙන් පසු නාට්‍යය ගැන විමසු විට.. දර්ශන 500 කට එහා යනවා.. සැකයක් නැහැ… යි පීරිස් මහතා හෙන්රිට පවසා තිබේ. මේ වන විට හුනුවටය දර්ශන වාර 500 ක් නොව වසර 50 සැතපුම් කණුව ද පසුකර තිබේ. අදත් එය අපගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සිංහල හා සාහිත්‍ය විෂය ධාරාව හදාරන සිසුන්ගේ මෙන් ම නාට්‍යලෝලී පේ‍්‍රක්ෂකයන් අවදි කරමින් දිවයිනේ කොතැනක හෝ රඟදැක්වෙයි. ගතවු දශක 5 තුළ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයයට පෙනී සිටි සෑම සිසු සිසුවියක් ම හුනුවටය කතාව නම් නාටකය නරඹන්නට ඇත. නැතහොත් කියවන්නට ඇත. අප නාට්‍යකරුවා නාට්‍යය අවසානයේ දී පොතේ ගුරු මුවින් අප වෙත සන්නිවේදනය කරන්නේ මෙවැනි පණිවුඩයකි.
දෙයක් වේ නම් යම් – සුදුස්සාටම අයිති විය යුතු…
කී ලෙස දන පොරණ – ලැබිය යුතු අයමය ලැබිය යුතු
වසර පනහක් ගතවූ පසුත් නාට්‍යකරුවාගේ අභිලාශය ඉටු වී තිබේද යන කාරණය ගැන අපට නැවත සිතන්නට කාලය එළඹී තිබේ.
මෙම ලියුම්කරු හෙන්රිගේ හුනුවටයට රංගනයෙන් දායක වූ නළුකැළේ හිටපු සාමාජිකයෙකි
ඩඞ්ලි පෙරේරා
දිවයින