කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා මෙරටට ගෙන්වීමට කිසිඳු එන්නතක් මෙතෙක් අනුමත කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වඩාත් සාර්ථක සහ ආරක්ෂිත එන්නතක් මෙරට ජනතාවට ලබා දීම, සෞඛ්‍ය අමාත්‍යංශයේ අපේක්ෂාව බව එහි ප්‍රකාශකයෙකු සියහඬ වෙත කීවේය. එන්නත් නිපදවීම නොකරන රටවල් වෙත, එන්නත සාධාරණ ලෙස බෙදීයාමේ අවශ්‍යතාව මත එකී රටවල් COVAX යාන්ත්‍රණය සමඟ ඒකාබද්ධ වී සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුලු සැසිවාර සඳහා මෙරට විශේෂඥ වෛද්‍යවරු මාර්ගගත (Online) ලෙස නිරතුරු සහභාගි වන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. නිශ්චිත එන්නතක් ලොවට බිහි වූ වහාම එය ලබා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද මේ වන විට සකස් කර සූදානම් වන බවත් එම ප්‍රකාශකයා කීය.