එදා තරුණ පරම්පරාව වගේ නෙමෙයි දැන් උදවිය හරි වෙනස්. තාක්ෂණෙත් දියුණුයි. උයන පිහන එකේ ඉඳන් හැමදේම ඔන්ලයින්. කාලෙන් කාලෙට එක එක ජාතියේ ඇප් එනවා. මේ කාලේ ජනපි‍්‍රයම රැුල්ල ටික් ටොක්. කෙල්ලො කොල්ලො පිස්සුවෙන් වගේ ෆෝන් ඉස්සරහ නටනවා. සිංදු කියනවා වගේ රඟපානවා. ඒ අස්සෙ සෙල්ෆි උන්මාදෙ. රැුල්ලක් ආවොත් සුන්නත්දුලි වෙනකන් රැුල්ලට යනවා. තමන් තමන්ගෙම රූපෙ දිහා බලලා සතුටු වෙනවා නම්, තමන්ගේ ඡුායාරූප දිහා බලමින් තෘප්තිමත් වෙනවා නම්, ඒක ඇබ්බැහිවීමක් බවට පත්වෙලා නම් ඒකට කියන්නේ ආත්ම රාගය කියලා. අද කාලේ තරුණ පරපුරෙන් බහුතරයක් ආත්ම රාගයෙන් අන්ධ වෙලා. තාක්ෂණය දියුණු වෙද්දෙන්. අලූත් අලූත් ඇප් ආපුදෙන්. අපි ඒ රැල්ලට යන්නම ඕනිද?
කොරෝනා වසංගතයත් එකක් පාසල් සිසුන්ගේ, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන ක‍්‍රමය අතිශයින් වෙනස් මඟකට යොමු වුණා. එක වසරේ ළමයටත් ස්මාර්ට් ෆෝන් දෙන්න සිද්ධ වුණා. දවසෙම ඔන්ලයින් ක්ලාස්. විශ්වවිද්‍යාලවල ඔන්ලයින් දේශන. ඔන්ලයින් එග්සෑම්. ඒ විතරක් ද ඔන්ලයින් මීටින්, ඔන්ලයින් ජොබ්, ඔන්ලයින් ඉන්ටර්වීව්, ඔන්ලයින් ෂොපින්. අවුරුදු උත්සව පවත්වන්න වුණොත් ඔන්ලයින්. අවුරුදු කුමාරයා, අවුරුදු කුමාරි, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම ඔක්කොම ඔන්ලයින්. බැලූ බැලූ අත ඔන්ලයින් විතරමයි. කොරෝනා, මිනිසුන්ගේ ජීවිත ඔන්ලයින් කරපු අපූරුව.
ඕනි දේට විතරක් නෙමෙයි අනවශ්‍ය දේටත් ජංගම දුරකථන භාවිතා කරන්න ළමයි පුරුදු වෙලා. මාර්ක් අයියට හිනා ඇති. ෆේස්බුක් එකෙත් එක එක චැලේන්ජ්. ෆොටෝ අප්ලෝඞ්, වීඩියෝ අප්ලෝඞ්. ඒ ඔක්කොමත් හරි ඡුන්ද කාලෙට මඩ පාරවල් එහෙන් මෙහෙට මෙහෙන් එහෙට. ෆෝන්වලින් ඇස් ගන්නෙම නෑ. අන්තිමට බිහි වෙන්නෙ ලෙඞ්ඩු. ඇස් පේන්නෙ නෑ, ඔලූවේ කැක්කුම්, මානසික ආතතිය, ජංගම දුරකථනවල කිරණ මිනිස් සිරුරට කොතරම් අහිතකර වුණත් කොරෝනා හින්දා හැමදේම ඔන්ලයින්ම කරන්න සිද්ධ වෙලා. කොරෝනා හැදිලා එක කොටසක් ලෙඞ්ඩු වෙද්දි දුරකථන භාවිතය වැඩි වෙලා ඉතුරු කොටස ලෙඞ්ඩු වෙයි යථා කාලෙදි. අත්‍යවශ්‍ය දේට විතරක් දුරකථන භාවිතා කරන්න. සීනි බෝල ජීවිත වෙනුවට වගකීම් සහගත මිනිසෙක් වෙන්න.
චමෝදි පෙරේරා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
දිවයින