එළඹෙන උත්සව සමයේදී හැකිතාක් සීනි අඩංගු ආහාර පාන වර්ගවලින් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එළඹෙන උත්සව සමයේදී හැකිතාක් සීනි අඩංගු ආහාර පාන වර්ගවලින් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  කොවිඩ්-19 වෛරසය වේගවත්ව පැතිරෙන කාලයේදී ශරීර ප්‍රතිශක්තිකරණය දුර්වල වුවහොත් වෛරසය ශරීරයට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය.

 

සීනි අඩංගු ආහාර සහ පාන වර්ග කොවිඩ්-19 වෛරසයට ධනාත්මක ශක්තියක් බව ද ඇය සඳහන් කරයි.  විශේෂයෙන් සීනි අඩංගු ආහාර ශරීරයේ දියවැඩියාවට ද හේතු විය හැකිය. දියවැඩියාව ඇතුලු ආසාදනවලින් පෙළෙන අය තමන්ගේ තත්ත්වය පාලනය කිරීමට වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් ගත යුතු බව වෛද්‍ය ගුණවර්ධන මහත්මිය කීවේය.

එබැවින් ආහාරයට වැඩි වශයෙන් අලුත් එළවලු, පළතුරු එකතු කර ගැනීම යහපත් බවත් හැකි තරම් අමු හෝ අර්ධ ලෙස පිසින ලද එළවළු අනුභව කිරීම වඩාත් සුදුසු බවත් ඇය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top