අනුමැතිය ලැබෙන තුරු කෑගල්ලේ කොරෝනා පැණිය බෙදීම නවතී

රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමිත නිර්දේශ සහ අනුමැතිය ලැබෙන තුරු කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ බෙහෙත් පැණිය බෙදා හැරීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

ඒ මහතා ඵසේ පැවසූයේ පෙරේදා (8 වැනිදා) පස්වරුවේ දිස්ත‍්‍රික් සෞඛ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, ප‍්‍රාදේශීය ලේකම්වරයා සහ වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා මෙසේද කීවේය.

‘‘මේ වේලාවේ කාගේත් කතාබහට ලක්වී තිබෙන කෑගල්ලේ කොරෝනා සදහා බෙහෙත් සොයා ගත්ත උඩුමාගම ධම්මික බණ්ඩාර වෙද මහතා අපෙන් ඉල්ලා සිටියා මේ සදහා සහාය ලබා දෙන ලෙසට.

මෙම බෙහෙත ලබා ගැනීම සදහා විවිධ ප‍්‍රදේශවලින් අතිවිශාල පිරිසක් කෑගල්ල ප‍්‍රදේශයට පැමිණියා. මෙහිදී තිබෙන ගැටලූව තමයි මේ එන ජනතාව සෞඛ්‍ය විධිවිධානවලට අනුකූලව හැසිරෙනවාද යන්න. විශාල පිරිසක් එන නිසා සෞඛ්‍ය අංශවලට අපහසුතාවක් පවතිනවා, එසේම ජනතාවත් යම් යම් මත පළකරනවා දිස්ත‍්‍රික්කය තුළට මේ විදියට ආසාදිතයින්, ආශි‍්‍රතයන් පැමිණියහොත් දිස්ත‍්‍රික්කය තුළ කොරෝනා වර්ධනයක් වෙයි කියලා. ඒ අනුව අප විශේෂ සාකච්ඡුාවක් පවත්වා මේ ඵන ජනතාව පාලනය කිරීමටත් සෞඛ්‍ය විධිවිධාන අනුව කටයුතු කිරීමටත් අවශ්‍ය බවට තීරණය කළා.

මේ බෙහෙත බෙදාහැරීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ හා අනුමැතිය අපට ලැබිය යුතුයි. අපි සියලූ දෙනාම සාකච්ඡුා කරලා තීරණය කළේ එම නිර්දේශ හා අනුමැතිය ලැබෙන තුරු මේ බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවන්න. මේ සඳහා වෛද්‍යවරයා සහයෝගය පළ කළා. නිෂ්පාදන කටයුතූ දිගටම කරගෙන යෑමටත් බෙදාහැරීම නැවැත්වීමට කටයුතූ කරන බවත් ඔහු පැවසුවා.

මේ සම්බන්ධව අදහස් පළ කළ වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා,

‘‘මා නිෂ්පාදනය කරන ලද බෙහෙත්වල නියමයන් කරන්න සිදු වුණා. දිසාපතිතුමා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡුා කරලා නියමයන්ට පැමිණියා. මෙම බෙහෙත ලබා දෙන්න කියා අනුමැතිය ලැබුණේ නැහැ. ඒ තීන්දුව දෙනතුරු මා ඉතාමත් ගෞරවයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මගේ ස්ථානයට එන්න එපා කියලා. අනුමැතිය ලැබුණායින් පසු රාජ්‍ය ආයතනවලට හා ජනතාවට බෙහෙත බෙදා දෙනවා.

කෑගල්ල – එම්.බී. පහලවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top