කියල හිතුණ ගමන්ම මාව දන්න කියන අයට මගෙ නම මතක් වෙනව ඇති .ඒක හොඳයි .ඒත් වෙලාව බලාගත්ත පමණින් ඔක්කොම හරියනවද ?
හැමෝම වගේ මාත් කියයි රාහු අපල සෙනසුරු අපල කේතු අපල කියල .
“ඒක තමයි නේද මට ඕක හිතුණ ” කියල හරියන්නෙ නෑ .
අපි ඒ කියන්නෙ අපල කියල ඵල දෙන්නෙ නැති කාල ගැන .ගහකට වුනත් කොළ විතරයි ගෙඩි නැති .එක්කො ගෙඩි හැදුනත් රස නැති සරු නැති ,හැදුන ගෙඩි වලටත් කෘමි උවදුරු එන , පරිස්සමින් බලා ගන්න ගෙඩියත් සත්තු කාල යන ,එහෙම නොවුනත් වැස්සට කුණු වෙන අව්වට කරවෙන හුළගෙ ගහන් යන අභියෝග බාධා කරදර ගහකට වුනත් තියෙනවා .කලාතුරකින් ගහක් දෙකක් ඇති ඒ ගහේ ඵලදාව සරුයි ,ලස්සනයි සුවඳයි රසයි හැබැයි හැමෝම බලන්නෙ අර ගහට වද දීල ගෙඩියක් කඩාගෙන සාක්කුවෙ දා ගන්න .ඒ ඇතිද ? කවුරුත් නොදන්න රහසක් ඒ ගහට තියෙනව .කවුරු හරි ඒ රහස් කතාව ගහෙන් ඇහුවනම් කියයි .
“උඹලට වගේම අපල කාල මටත් තිබුණ .අනන්තවත් අව් වැසි සුළං වලට මාත් මුහුණ දුන්න .මුල් කාලෙ ගෙඩි තියා මලක්වත් නැතුව මාත් දුක් වින්ද උඹලට පෙනුනෙ ගෙඩි හැදෙන එක විතරක් වුනාට මන් මේ මහ පොළවත් එක්ක තනියම ඔට්ටු වුනා .කවුරුවත් එතකොට හිටියෙ නෑ .තනියෙන් හෙමින් වැඩිල වැඩිල තැනකට ඇවිත් ගෙඩි දැක්කම අහන්න එපා උඹට විතරක් කොහොමද එච්චර ගෙඩි තියෙන්නෙ ඇයි අපිට නැත්තෙ කියල .කඩා ගන්න බැරි උන් පැත්තක ඉඳල ඕක නම් කාටද බැරි අපිටත් පුළුවන් කියල නිකන් නරි මිදි තිත්ත ටෝක් දෙන්නත් එපා කියයි .
ගහක් කාගෙවත් උපදෙස් නැතිව තමන්ගෙ ගමන තමන් තනියෙන් යනව .මිනිස්සු වෙච්ච අපි කේන්දරේ උස්සගෙන හැම තැනම යනව .අන්තිමට ඌ කිව්වෙ බොරු කිය කිය තව කෙනෙක් ලඟට යනව .එතනත් සල්ලි කඩා ගන්නව කියල තව තැනකට යනව .උඹල ඔය කියන කතා එකක්වත් නියම ජ්‍යතීර්වේදීන්ට ඇහෙන්නෙවත් නෑ .මොකද උඹල බොරු කිය කිය උඩ පනින දේ හරියන බව එයාල දන්න නිසා .අපේ රටේ ඉන්න කිසිම ජ්‍යතීර්වේදියෙක්ට කාටවත් අත පාන්න ඕන නෑ .ඒ වගේ ලස්සන විෂයක් විද්‍යාවක් විශ්වයෙන් ඔවුන්ට දීල තියෙන්නෙම නිකන් නෙමෙයි තව ගොඩාක් දේවල් එක්ක .ඒවා නිකන්ම නිකන් ගස් නෙමෙයි මල් පිරුණු ගස් .ඒවගෙන් මලක් දෙකක් කඩා ගත්ත කියලවත් ගහට පොල්ලක් දෙකක් ගැහුව කියලවත් ගහට දැනෙන්නෙ නෑ වගේ අපි ඔයාලට අපලයි කියල මේ මේ දේ කරන්න කියන්නෙ අපිට කඩා වඩා ගන්න නෙමෙයි .තමන්ගෙ අකුශල් අඩු වෙන්න .ඒව නොකර පස්සෙ අඬාගෙන ආව කියල අපි මොනව කරන්නද ?
අනිත් එක ඒ ඔබේ ජීවිහය ගැන කියන කෙනෙක් දෙයක් කියන්නෙ නිකන්ම නොවෙයි .තුන් වෙනි ඇහැකින් බලල ඒක ගණන් ගන්නෙ නෑ .මානසික ගොඩ නැඟෙන්න මේ මේ ටික කරන්න කිව්වට ගණන් ගන්නෙ නෑ .කරදර වෙන්න කලින් සූදානම් වෙන්න දන්නෙ නෑ .ඒව පුරුදු කරන තැනකට එන්නෙ නෑ .ගොඩ නැගෙන්න උදව් කරන නොමිලේ කරන දෙයකටවත් එන්නෙ නැතුව බොරුවට කෝල් ගන්න එපා දෙයියෝ ඇත්තටම වැඩ තියෙනවා .එකම මැසේජ් එක සිය සැරයක් එවන්න එපා .එක පණිවිඩේ තුනට හතරට කඩල එවන්න එපා .සැරින් සැරේ මැසේජ් එවන්න එපා බලන්න වෙලාවක් නෑ .
ජ්‍යෝතිෂය පිළි ගන්නෙ නැත්නම් , අපේ වැඩසටහන් වැඩක් නැත්නම් වීඩියෝ බලන්නෙ ලිපි කියවන්නෙ නැත්නම් කේන්දරේ බලාගත්තත් ඒ කියන දෙයක් කරන්නෙ නැත්නම් , කේන්දරෙන් ඔබ්බට ගිහින් යථාර්ථවාදී ඉගැන්වීමකට සහභාගී වෙන්නෙත් නැත්නම් , පුන්චි මුදලක් දීල වැඩමුළුවකට එන්නෙත් නැත්නම් මොන එහෙකටද දෙයියනේ මෙච්චර මැසේජ් කෝල් ????? කොහොමද ඔච්චර ලස්සනට ගෙඩි හැදුනෙ ? කොහොමද ඔහොම නොසෙලී ඉන්නෙ කියන කතාව හෙමින් සැරේ කිට්ටුවෙලා ගහෙන් ඇහුවොත් කියයි රහසින් ලස්සන කතාවක්.
ඒ වගේ කතාව්ක් තමා දවස් 30 අභියෝගය .එන්න බැරි වුනාට ප්‍රශ්නයක් නෑ .ආවොත් ගොඩ
කාංචනා පෙතියාගොඩ
නො. 111
ගොරකාදෙනිය පේරාදෙණිය