12 වසරක අභිමානය සමඟ
නැවුම් මාවතක පෙරට….
තාරුණ්‍යයේ දිරිය සවිය ශක්තිය
කැටිකර අරමුණු බලාපොරොත්තු
ගොන්නක් සමග එක්සත්ව
එකින් එක මල්ඵල ගන්වා ගැනීමේ
අදිටන පෙරදැරිව…
නොනැවතී දිගු ගමනක් යන්නට
දැනුම.. ඇල්ම… හැකියාව..සේම
පොදු කටයුතු වලදී නොපැකිළ
සිය දායකත්වය ලබා දෙන…
අත්දෑකීම් පිරුණු
තරුණ නායකයෙක්..
වසර ගණනාවක් තිස්සේ
සියහඬ හා සබැඳි……
ආචාර්ය
රුවන් රත්නායක මහත්මා ගේ
Ruwan Rathnayaka
සභාපතිත්වයෙන්
සියහඬ සිය අභිමානවත් ගමන
ආදරණීයන් රැසක් පිරිවරා අහස පුරා
ඔබේ හඬද එකතු කොට රැගෙන
තවත් හරවත් රසවත්
සොඳුරු ගමනක් යන්නට
නිහැඩියාව බිඳිමින්
ආරම්භ කල බව සතුටින් ලියා තබමි..
අවිවේකය
සියහඬ මා අතර බැඳීම
දුරස් කල යුතු යන
අදහසින් තාවකාලික
සමුගැනීම සටහන් කලද සාමූහික කටයුත්තක් වෙනුවෙන් කරන
ලද ආදරණීය ඉල්ලීමට අනුගත වෙමින් කණ්ඩායම සමඟ අත්වැල් බැඳගත්තෙමි..
කංචනා පෙතියාගොඩ මහත්මිය..
Kanchana Pethiyagoda
මේ ගමන් මග නොනැවතී ඉදිරියට ගෙන යන්නට මා විසින් කල ආරාධනය
ආදරයෙන් පිලිගත්තද
විවිධාකාර කටයුතු සම්භාරයක් මැද
සියහඬට පූර්ණ කාලීනව
මැදිහත් වීමේ අසීරුතාවය නිසාම
මේ වගකීම තවකෙකු වෙත පැවරීම කලයුතුයි යන මා විසින් කරන ලද
යෝජනාව ඉතාම සුහදව පිලිගෙන
සුපුරුදු ලෙන්ගතුකමින්ම
ඒ සදහා සහය සහයෝගය
ලබා දීම ගැන..
බොහොමත්ම ස්තුතියි….
සියහඬ සභාපති
ආචාර්ය රුවන් රත්නායක
මහත්මා ඇතුළු සියලු දෙනා වෙත
හදවතින්ම මගේ සුබ පැතුම් පිලිගන්වමි..
වසරින් වසර සියහඬ හැඩ කල
සියලු දෙනාම යලිත් සිහි කරමි.
ශක්තිමත් නායකයෙකු සේම නිහතමානී සොඳුරු කලාකාමී දෑතක් මත වගකීම තබන්නට හැකි වීමේ සතුට විඳිමින්…
බලා සිටිමි….
“සියහඬ”
www.siyahanda.com
අන්තර්ජාලයේ සොඳුරු නවාතැන
ආයෙමත් ආදරෙන් ඔබ සමගින්..❤️
වාසනාවන්…!
අනුෂා