වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක් සහ චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වන සුජීව ප්‍රියලාල්ගේ අලූත්ම වැඬේ තමයි ‘ඉන්ටර් නැෂනල්’ මේ ටෙලි නාට්‍යයක්’ ස්වාධීන රූපවාහිනියෙන් සවස හයට තමයි මේක විකාශනය වෙන්නේ’ එ් ගැන දැනගන්න අප සුජීව සමග පුංචි පිළිසඳරක යෙදුණා’ මේ එහි පෙළ ගැස්මයි’
* ඔබේ අලූත්ම ටෙලි නාට්‍යය ඉන්ටර්නැෂනල්. මේ වෙනකොට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?
ඉතාමත්ම හොඳයි. ඇත්තටම කියනවා නම් මේ නාට්‍යය විකාශනය වෙන්නේ සවස හයට. නමුත් අපිට පොඩි අවදානමක් තිබුණා මේ වෙලාවට නාට්‍යයක් විකාශනය කළොත් හොඳ ප්‍රතිචාර නොලැබේවි කියලා. නමුත් අවසානයේ වැඩියෙන් බලන නාට්‍යයක් බවට මෙය පත් වෙලා තියෙනවා.
* මේ නාට්‍ය විකාශනය වන වේලාව පිළිබඳ ගැටලූවක් නැතිද?
මෙහෙම දෙයක් තියෙනවා. ස්වාධීන රූපවාහිනිය අපිට මේ වෙලාව ලබා දෙන්නේ ඔවුන්ට මේ ගුවන් කාලය ඉහළ දමන්න අවශ්‍යයි කියලා. ඇත්තම කාරණාව ඒක. අනික ටෙලි නාට්‍යයක් කරලා ගෙදර තියාගෙන ඉන්නවාට වඩා විකාශනය කරන එක නේද හොඳ. අන්තිමේ අපි ඒ අභියෝගය භාර ගෙන මේ නාට්‍යය විකාශනය කරනවා කියන තීරණයට ආවා. මේ නාට්‍ය බලන පිරිස කියනවා පුළුවන්නම් වෙලාව වෙනස් කරගන්න කියලා. නමුත් ඒක තීරණය කරන්න ඕන නාලිකාව.
* ඔබට දුන්න අභියෝග ජයගත්තා කියලා හිතනවද?
මම සහ දුලීකා පළමු වතාවට තමයි ටෙලි නාට්‍යයක් කරන්නේ. නමුත් අපි මීට කලින් වේදිකා නාට්‍ය සහ චිත්‍රපට තමයි නිර්මාණය කළේ. ඇත්තටම ලොකු ලොකු අභියෝගයක් තමයි. දැන් තියෙන්නේ මාර තරඟකාරීත්වයක්. කරපු ටෙලි නාට්‍යයක් විකාශනය කරන්න බැරිව ඉන්නවා. විකාශනය කරපු නාට්‍යයක් අතරමග නැවතිලා තියෙනවා. ඇත්තටම ලොකු ක්‍රියාවලියක් අනුව තමයි මේ නාට්‍ය විකාශනය වුණේ. එක්තරා විදිහකින් කිව්වොත් අපි අභියෝගය ජය ගත්තා තමයි.
* අදහස ඔබේ ද දුලීකාගේ ද?
ඇත්තටම මේ අදහස පිටපත් රචකයාගේ. නමින් අසංක සායක්කාර. අපිට ටෙලි නාට්‍යයක් කරන්න ඕන කිව්වාම ඔහු පිටපත් කිහිපයක් ලබා දුන්නා. එ් පිටපත් තුනෙන් අපි තෝරාගත්තෙ මේ පිටපත.
* ඇයි මේ පිටපත තෝරා ගත්තේ?
ඇත්තටම මේක කාලීන මාතෘකාවක්. නාට්‍යකට ඉතාම උචිත මාතෘකාවක්. පවුලටම වැදගත් කතාවක්.
* ජාත්‍යන්තර පාසල් ඉලක්ක කරගෙන මේ වැඬේ කරන හින්දා බැනුම් අහන්න වුණේ එහෙම නැතිද?
කවුරුත් මේක නරකයි කියලා නැහැ. නමුත් මම දන්නෙ නෑ ජාත්‍යන්තර පාසල් වලට යන අය බනිනවා ද නැද්ද කියලා. ඇත්තටම මේක ජාත්‍යන්තර පාසල් ඉලක්ක කර ගෙන ගියත් අපි මේ හැල්මේ දුවන ජීවිත තමයි මේක ඇතුළේ පෙන්වන්නේ. මාතෘකාව ජාත්‍යන්තර පාසල් කියලා ගත්තා. ඒකට ඇත්තටම සාධාරණ හේතු කිහිපයක් තියෙනවා. අනික අපි ජීවිතයේ දේවල් ලබා ගන්න බොරු කියනවා මවා පානවා. සමාජයට බැස්සහම තියෙන චරිත නෙවෙයි ගෙදර තියෙන්නේ. ජාත්‍යන්තර පාසල් තමයි කතාවට මූලික වෙන්නේ. හැබැයි එහෙම කළේ ජාත්‍යන්තර පාසල් වලට ගහන්න නෙමෙයි.
* ඉන්ටර් නැෂනල් කියන්නේ බොරුව රජකරවන හැටි පෙන්වන දෙයක්?
පැහැදිලිවම. තමුන්ගේ තත්ත්වය රැුකගන්න ළමයින්ට බොරු කියන්න උගන්වනවා. ඒ වගේ ගොඩක් දේවල් මේක ඇතුළෙ තියෙනවා. එක්තරා විදියකින් පෙන්වන්නේ බොරුව රජකරවන හැටි තමයි.
* අධ්යක්ෂවරයා වන ඔබත් මෙහි අපූරු චරිතයක් නිරූපණය කරනවා නේද?
වේදිකා නාට්‍යවල මේ අත්දැකීම ලැබුවාට ටෙලිනාට්‍යකරණයේදී ඒක හරිම අමාරු කාර්යයක්. ඇත්තටම ලොකු වෙහෙසක් අරගන්න වෙනවා. මම උපරිම උත්සාහ කරනවා මේ කාර්යයන් දෙකටම උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න.
* ඉස්කෝලෙ ළමයි අරගෙන යන අම්මලා අතර ඔබ හරි ජනප්‍රිය චරිතයක් නේද?
ඔය වගේ තාත්තලත් සමාජයේ ඉන්නව නේද?. මටත් ඇතැම් අවස්ථාවලදී මුණගැහිලා තියෙනවා. පිටපත් රචක අසංක සායක්කාරට තමයි මේ ගැන වඩාත් හොඳින් විග්රහ කරන්න පුළුවන්. මට විග්රහ කරන්න බැරිව නෙමේ. නමුත් මට වඩා මේ පිටපත ගැන ඔහුට හොඳ අත්දැකීමක් සහ ලොකු විග්‍රහයක් තියෙනවා. රොෂාන්ගේ චරිතයේ තවමත් ඔයගොල්ලෝ දකින්නේ එක පැත්තක් විතරයි. ඉදිරියේදී වෙනත් පැතිකඩයන් දකින්න පුළුවන් වේවි. ඇයි රොෂාන් ඔහොම කරන්නේ කියලා ඉදිරියේදී දැනගන්න ලැබේවි.
* ඔබ මේ වැඬේට වෙනස් නළු නිළියන් පිරිසක් තෝරාගෙන තියෙනවා. වැඩිය ජනප්‍රිය මුහුණු මේ වැඬේ ඇතුළෙ නැහැ?
මම දැන් ගොඩක් වෙලාවට මෙතැනදි හිතුවේ ජනප්‍රිය චරිත ගොඩක් මේකට ඇදගන්නවට වඩා රංගනය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන චරිත තෝරා ගැනීමයි. මුද්දර ගැහැව්ව වගේ ෂූට් කරලා නැහැ. අපි හැම තිස්සේම ප්ලේයින් කියන එක රඳවාගෙන ඒක ඇතුලේ යමක් කරන්න උත්සාහ කරනවා. ඒකට හොඳට රඟපාන්න පුළුවන් චරිත ඕනෑ. දෙබස් ටික කට පාඩම් කරගෙන කියන කට්ටියට වඩා ඇක්ටින් කියන එක තියෙන්න ඕනෑ. මම ඒ ගැන තමයි විශේෂයෙන් හිතුවේ.
* මේක මෙගා වැඩක් ද?
නැහැ. ඒක තීරණය කරන්නේ කරන කොටස් ගණන අනුවනේ. මෙගා කියන්නේ නාට්‍යය කොටස් සියයක් හෝ දෙසීයක් වගේ ගණනක්නේ. ඇත්තටම මේක මෙගා කියන සංකල්පයේ ඉඳගෙන නෙමෙයි පටන් ගත්තෙ, ආර්ට් කියන ෆෝමැට් එක ඇතුලේ ඉඳගෙන. මේක මෙගා කියන සංකල්පයට දානවට වඩා හොඳයි ඉන් පරිබාහිරව ස්වාධීනව කරගෙන එන වැඩක් කියලා කියන එක. මට ඇත්තටම සතුටුයි පේ්රක්ෂකයන් අපි කතා කරන මාතෘකාව අල්ලගෙන තියෙනවා.
* ඔබ ටිකක් වෙනස්ම මාතෘකාවක් තෝරා ගත්තේ ඇයි?
යමක් කරන කොට අපි හිතන්න එපායැ. මට තව කවුරුත් කරපු දෙයක් කරන්න උවමනා නෑ. අලූත් දෙයක් එපායෑ කරන්න. එතකොට තමයි මිනිස්සු අපිට ආකර්ෂණය වෙන්නේ. මුලින්ම අපි ඒක දිනා ගන්න එපායෑ. ඒකනේ පළමු කාරණාව. අපි වෙනස් දෙයක් කරපු හින්ද තමයි අපිට ටේරන්ඞ් එකක් හැදිලා තියෙන්නේ.
දිනේෂ් විතාන
දිවයින