ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ ”BE SAFE OR BE SORRY” විත්ති කථා චිත්‍රපටයෙන් හා රේඛාව (1956) චිත්‍රපටයෙන් රංගාවතරණය අරඹා මෙරට සිනමාවට යථාර්ථවාදී නිළි රූපකායද හඳුන්වා දීමට පුරෝගාමීවූ අයිරාංගනී සේරසිංහ රංගවේදිනියගේ 94 වැනි ජන්ම දිනය අදට (9) යෙදී තිබේ. මේ ඒ නිමිත්තෙනි.
එදා සරසවි සම්මාන උළෙලකදී ජීවරාණි කුරුකුලසූරිය, කරුණාරත්න අබේසේකර, අයිරාංගනී සමග සෝමසිරි පෙරේරා, හින්දි නිළි ශෂිකලා, ගාමිණී ෆොන්සේකා, පණ්ඩිත් අමරදේවයන්
අපේ නිළි පරපුරේ සිය ගණනක් නිළියෝ සිටිති. රක්මණී දේවි සහ මාලනී ෆොන්සේකා ඔවුනතර සිටින මහා නිළියන් දෙදෙනකි. ඔවුන් මහා නිළියන් බවට පත් කිරීමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් වූයේ චිත්රපයේ වීරවරිය ලෙස රඟපෑමය. කතා නායිකාව ලෙස රඟපෑම හා පෙම්වතිය ලෙස රඟපෑමය. වීරවරියක් නොවී කතා නායිකාවක් නොවී, පෙම්වතියක් නොවී රුක්මණී දේවිය තරමටම, මාලනී තරමටම ඇතැම්විට ඔවුන් ද සමතික්‍රමණය කරන සුළු මහා නිළියක අපට සිටී. ඇය අයිරාංගනී සේරසිංහය. ඇය රේඛාව චිත්‍රපටයෙන් සිනමා රංගනයට එක් වූයේ මවකගේ චරිතය රඟපෑමෙනි. 1947 සිට 1958 දක්වා සිංහල චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ බොහෝ නිළියන් සිටියදී ප්‍රථම දීපශිඛා සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස ගෞරවයට පාත්‍රවූයේ අයිරාංගනී සේරසිංහය.
ඇය 1927 ජුනි 9 වැනිදා මූදුකොටුව නම් ගමේ මීදෙණිය වලව්වේ උපත ලැබුවාය. කොළඹ බිෂොප් විද්‍යාලයේ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. ඉංගී්රසි නාට්‍යවල රඟපාමින් සිනමාවට පෙර වේදිකාවට පිවිසුණාය. ලන්ඩනයේදී රංග කලාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් ලැබුවාය. ඇය රංගන ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වන්නේ මේ විධිමත් අධ්‍යාපනයෙන් පසුවය.
ඇයගේ රංගන දිවිය ආරම්භ වනුයේ ඉංගී්රසි වේදිකා නාට්‍යවලිනි. කොළඹ ලයනල් වෙන්ට් රංග ශාලාව විවෘත වන්නේ අයිරාංගනී රඟපෑ ‘ලෝවර් ඩෙප්ක්ස්’ නාට්‍ය රඟ දැක්වීමෙනි. ඉංගී්රසි නාට්‍ය රැුසක රඟපෑ අයිරාංගනීගේ ප්‍රථම සිංහල වේදිකා නාට්‍යය වූයේ හෙන්රි ජයසේනගේ ‘අපට පුතේ මඟක් නැතේ’ය. එතැන් පටන් ඇය වේදිකාවේ නිරූපණය කළ චරිත අතර ධම්ම ජාගොඩගේ ‘වෙස් මුහුණ’හි කුමාරි උඩුවෙලගේ චරිතයය. චරිතය පේ්රක්ෂකයන්ට අමතක නොවන භූමිකාවකි.
‘රේඛාවේ’ කතිරිනා හාමිනේ චරිතයේ සිට ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සෑම චිත්‍රපටයකම වාගේ ඇය රඟපෑවාය. ඒ අතුරින් ‘සංදේශයේ’ යසෝහාමි, ‘දෙලොවක් අතරේ’ නිශ්ශංකගේ මව මෙන්ම දයානන්ද ගුණවර්ධනගේ ‘බක්මහ දීගේ, ළමාතැනී’ ද අමතක නොවන චරිතය. ලොකු දුව, පවන රළුවිය, හිමකතර, මචං, සක්මන් මළුව, ඔබ දුටුදා ඇයගේ රංගනයෙන් විචිත්‍ර වූ චිත්‍රපට කිහිපයකි.
මම ‘සුදු සෙවණැලි’ චිත්රපටයෙහි උමතු මවකගේ චරිතයකට ඇය යොදා ගතිමි. එම වසරේ හොඳම සහාය නිළිය සඳහා වූ ජනාධිපති සම්මානය හිමි වූයේ එම චරිතයටය. ටෙලි තීරයේ දී අයිරාංගනී රඟපෑ චරිත අතුරින් ‘යශෝරාවය, දූ දරුවෝ, රුපියල් ශත’ වැනි ටෙලි නිර්මාණ රසික සිත් ආකාර්ශනය කර ගත්තේය.
අයිරාංගනී සේරසිංහගේ දයාබර සැමියා වූ වින්සන් සේරසිංහ, ප්‍රතිභාපූර්ණ වේදිකා රංගන වේදියකු විය. රේඛාව චිත්‍රපටයේ කුමතේරිස්ගේ භූමිකාවත් ඉන් අනතුරුව දෙළොවක් අතර වෙසතුරු සිරිත ඇතුළු සිනමා පට රැුසකත්, ඉංගී්රසි නාට්‍ය ගණනාවකත් භූමිකා ඔහු නිරූපණය කළේය.
අයිරාංගනී රොක්සානා මීදෙණිය, සේරසිංහ වූයේ එම විවාහයත් සමගය. ඇය මීදෙණිය වලව්වේ සිටි රටේ මහතාගේ දෙවැනි දියණිය වන්නීය. අපි ඇයට චිරජීවනය පතමු.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න