“කළම්බෝ’’ 18 වැනිදා කොළඹට එනවා

සිංහල සිනමාවට නව අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් හඳුන්වාදෙන ”කළම්බෝ’’ සිනමා පටය එළැඹෙන 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීමට නියමිතව ඇත. ජීවිතවලින් ගේම් ගහන, සමාජයේ සියලූම නීති විරෝධී වැඩ නිත්‍යානුකූලව කිරීමට වෙර දරන ඔස්කා, ජූඞ් සහ ජූනියර් යන තරුණයන් තිදෙන ඔවුන් පතනා සුරංගනා ලෝකය හො`දින් හෝ නරකින් දිනා ගන්නට යන ගමනේ කතාවයි ”කළම්බෝ’’

ජනප‍්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ප‍්‍රධාන භූමිකාව නිරූපණය කරන මෙහි ධර්මප‍්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, ජෙහාන් අප්පුහාමි, රුක්මල් නිරෝෂ්, ශානිකා නිරෝෂි, නිශාන් කුමාර, චන්දික ප‍්‍රසාද්, කුසල් විමුක්ති, චාමල් රණසිංහ, අසංක දිනාල්, මධුමාලි ජයසිංහ, තරු බෝගොඩ ඇතුළු නළු නිලියන් රැුසක් සෙසු රංගනයෙන් දායක වේ. තිර රචනය සහ අධ්‍යක්ෂණයෙන් අසම රන්දිල් ලියනගේ, කැමරාකරණයෙන් අමිත් ක‍්‍රිශාන්ත, සංස්කරණයෙන් තිලංක පෙරේරා, අංග රචනයෙන් රසික තෙන්නකෝන්, ශබ්ද පරිපාලනයෙන් දිනේෂ් ඒකනායක, නිෂ්පාදන සැලසුම් කරණයෙන් තුෂාර කළුබෝවිල, සහය අධ්‍යක්ෂණයෙන් සිල් ජයස් සමගින් න`දුන් හේමචන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණයෙන් අජිත් කුමාරසිරි, ගීත ප‍්‍රබන්ධනයෙන් ජෝජ් සැමුවෙන් හා ගායනයෙන් ශේන් සිං ද සම නිෂ්පාදනයෙන් රංජිත් ලියනගේ, නිමාලිකා පෙරේරා සහ හරින්ද අචලංක කුලසූරිය එක්වන ”කළම්බෝ’’ නිෂ්පාදන දායකත්වය අනූෂ සංජීව එදිරිමුණිගෙනි. කොළඹ නගරයක් නොවෙයි ජීවිතයක් යන තේමා පාඨය ඔස්සේ මෙම සිනමා පටය තිරගත කෙරෙනු ඇත.

තිස්ස

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top