සිතුවමක දුටු ඔබේ වත රූ ඇඳී ඇත හදවත
කොනේ
යලි යලිත් ඒ මතකයන් විත් පාරනා රිදුමන්
දැනේ
කලාගාරයෙ ඈත කොන හිඳ එදා හිනැහුනු
මුල් දිනේ
මිහිරි මතකය කඳුළු දිලිසෙන නුවන් යුග අතරින් පෙනේ……..
තෙලි තුඩක රැඳි සිනහ ඔබ සිත තිබුනි දැයි
විමසමි රැවෙන්
සිතුවමත් සරදම් කරයි මට සිනා රැඳි
මුවගට හොරෙන්
මුලා කර මා සැඟව ගිය හැටි අදත් සොයනෙමි
හිඳ දුරෙන්
වරද මා අත තබා සොඳුරියෙ යන්න හිමි ලොව වෙත සොරෙන්…………
දුකයි කඳුලයි සැපයි සතුටයි විඳිමු එකලෙස
තුටුවෙමින්
ලියූ එවදන් කෙසේ මැකුනිද හදවතේ ඇඳි
සිතුවමින්
නුඹත් මම මෙන් ඉන්නවා ඇති නොකී මුත් හිත
විඳවමින්
හෙටක් නැති මට හිරැත් සැඟවෙද අඳුර දස අත
රජයමින්………
< රේණුකා
බ්‍රිස්බේන් >