වියමින් කපු සේල ඉපදී උසස් කුලේ
සොයමින් නිරතුරුව මනුදම පසක් කළේ
නෙළමින් අස්වනුද වපුරා මිසක් බලේ
ගෙවමින් මහත්මා දිවියක තොසක් ඇලේ
කරමින් විප්ලවය දිළිඳුන් අතර හිඳ
තරහින් නොබැලුවේ කුසගිනි දැනුනු සඳ
හොරැහින් නොබල අවිහිංසා වාදෙ නද
උරුහන් බෑව පියෙකුගෙ බල රැඳුනු තෙඳ
නිවුනා ජාති කුළ ආගම් පහන නියා
වැටුනා ගිනි බටේ පතුරම් හදට තියා
තෙමුනා ලෙයින් අවිහිංසා වාදෙ පියා
යමුනා නදිය අසලින් ලොව අතැර ගියා
පද # සංජිමා සුදේශ්ණී රාජපක්ෂ
සිතුවම : මිනිරන් සිත්තරාගෙනි