කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්‍රය දිග් විජය කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වනාහි ශ්රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා වේ. මෙතුමාගේ 12 වැනි ගුණානුස්මරණය මේ මස 24 වැනි දිනයට යෙදුණි. මේ සටහන ඒ නිමිත්තෙනි.
ලොවෙහි පවතින විවිධ වූ සංගීත විධික්‍රම පිළිබඳ ගවේශනයේ නිරතවෙමින් අත්හදා බැලීම්වල යෙදෙමින් තමාටම අනන්‍යවූ සංගීත ශෛලියක් නිර්මාණය කර ගැනීම ප්‍රේමසිරි කේමදාසයන් ගේ ප්‍රකට වූ ලක්ෂණයකි. ඔහු , දේශීය ජන සංගීතය ද, හින්දුස්ථානී සංගීතය ද, බටහිර සංගීතය ද, වෙනත් රටවල සංගීත ශෛලීන් ද මුසු කරගනිමින් අද්‍යතන යුගයට උචිත ලෙස තම තනු රචනා නිර්මාණය කළේ ය.
තල්පිටිය, වාද්දූව නම් ගැමි පරිසරයේ දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූයේ කේමදාස ය. 1937 වසරේ ජනවාරි මස 25 වැනි දින ඔහු උපන්නේ, සයිමන් පෙරේරාට සහ ඇලන් පෙරේරාට දාවය. ප්රේවමසිරි කේමදාස නම් බාල දරුවා ගැන කිසිවකුගේ අවධානය යොමු නොවීය. වයස අවුරුදු හය හැවිරිදි වියේ දී ඔහු ගමේ පාසලට ඇතුළත් වූයේය. ඒ පානදුර ශ්‍රී සුමංගල විදුහලටය. අන් සියලුම දරුවන් තම මව්පියන් සමඟ පාසලට ඇතුළත් වුව ද කේමදාස දරුවා භාරකරුවකු නැතිව ම ය. දුගීකම නිසා ම කේමදාස දරුවගේ අධ්යාඟපනය ගැන පවුලේ කිසිවකුගෙ සහයෝගය ලැබුණේ නැත. ඔහුට වයස අවුරුදු හතේ දී තම මිය ගියේ ය.
ඉන් අනතුරුව පවුලේ බර දරා ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙරේරාට ය. ඇය ගම්මුන් හට තම පවුලට අයත් එළදෙනගෙන් දොවාගන්නා කිරි විකුණුවාය. කේමදාස ගේ වැඩිමහල් සහෝදරිය පැදුරු සහ පන් මළු විවීම කළාය. මින් ලැබෙන සොච්චමින් සියල්ලෝ ම නඩත්තු වූහ.
මේ කාලය වන විට ප්‍රේමසිරි කේමදාස සංගීත කලාවට ඇලුම් කරමින් සිටියේය. මේ ලක්ෂණය පවුලේ කිසිවකුට තිබුණේ නැත. මෙකී ඇල්ම ඔහුට උරුමය වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත. මේ වන විට කේමදාස අඩු ම මිලකට මිලදී ගත හැකි ව තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ ය.
ඔහු පසුව පානදුර ශාන්ත ජෝන් විදුහලට ඇතුළත්ව ශිල්ප හැදෑරීය. මෙහි සය වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටිය දී තම ජීවිතය වෙනස් දිශාවක් කරා ගමන් කරමින් තිබිණි. පන්තියේ දක්ෂතම සිසුවා වූයේ කේමදාස සිසුවාය. මේ කාලයේදී ඔහුට ලැබීමට තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණි. මේ සිසු දරුවා ඒ ගැන විද්යා ලයේ විදුහල්පතිවරයා හමුවී විමසා සිටයේ ය. එහෙත් ඔහුට ලැබුණු පිළිතුර වූයේ වේවැල් පහරවල් ය. කේමදාස සිසුවාට ලැබෙන්නට තිබූ ඒ උසස් වීම එකී ප්‍රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලැබී තිබිණි. ප්‍රේමසිරි කේමදාස සිසුවාගේ ඉගෙනීමට තිබූ කැමැත්ත, ඇලීම ක්‍රමක් ක්‍රමයෙන් හීන ව ගියේය. ඒ සමඟම බටනලා වැයුමට තිබූ ඇල්ම වැඩිවිය.
එහෙත් ඔහුගේ මේ සංගීත ඇල්මට පවුලේ කිසිවකු කැමති නොවූහ. කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට තම බාලයාගේ බටනලා පුලුස්සා දැමීමට ද කිහිපවිඩක් ම උත්සාහගත්හ.
ප්‍රේමසිරි කේමදාස සම්බන්ධයෙන් එක්තරා කතාවක් තිබේ. ඒ දුම්රියේ, පානදුර සිට කොළඹට බටනලා වාදනය කරමින් ගිය අයුරුය. ඒ දුම්රියේ ගමන් කළ වරායේ සේවකයන්ට බටනලා වාදනය කිරීමෙන් ඔහුට සුළු මුදලක් ලැබිණි. හේ කිසිඳු දිනක දුම්රියෙන් යාමට ප්‍ර වේශපත්‍ර නොගත්තේ ය. ටිකට් පරික්ෂා කරන මහත්වරු පැමිණි විට මේ සේවකයෝ පුංචි බටනලා වාදකයා ව සඟවා ගත්හ. ඒ ඔවුන්ගේ කිළිටි සරම්වලිනි.
මේ සිදුවීම වන්නේ ප්‍රේමසිරි කේමදාස ෙජ්‍යෂ්ඨ සහතික පත්රා විභාගයට මුහුණ දීමට සිටි දවසේ දී ය. හේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට සිටියේය. විභාගය අවසන් වීමට බොහෝ කාලය ඉතිරි ව තිබිය දී කේමදාස සිසුවා, ගුවන් විදුලියේ කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා නික්මිණි.
ප්‍රේමසිරි කේමදාසයන් චිත්‍රපට සංගීතයට ප්‍රවේශයක් ලබන්නේ සිරිසේන විමලවීර ‘රොඩී කෙල්ල’ චිත්‍රපටයෙනි. ඒ සුජාතා අත්තනායක ගැයූ ” වංශවත් වූ කුලයෙහි” ගීතයෙනි. එය පටිගත කරනු ලැබුවේ නවජීව චිත්‍රාගාරය තුළදී ය. ඔහු වෙතින් සිදු වූ විශාල මෙහෙවර වූයේ චිත්රහපට සංගීත ක්ෂේත්‍රයට ය. කේමදාසයන් එයට පිවිසෙන අවධියේ චිත්‍රපට සංගීතය යනුවෙන් හැඳින්වූයේ හුදු අනුකාරක සංගීතයට ය. පසුබිම් සංගීතය, තේමා සංගීතය නොතිබුණු තරම් ය. මේ සියල්ල ප්‍රශස්තවත්, ඉහළට මට්ටමකටත් රැගෙන ඒමට මූලික වන්නේ ඔහුය. හේ මාධූර්යයෙන් පිරි ගීත, ස්වතන්ත්‍ර තනු රැසක් නිර්මාණය කළේය.
“සැනසුම කොතැනද?” චිත්‍රපටය සඳහා කළ “සුළං කුරුල්ලෝ”, “කපටිකම” චිත්‍රපටය සඳහා කළ “කුරුළු රෑන් රෑන් රෑන්”, “මී මැස්සෝ” චිත්‍රපටයට කළ “රූං රූං රූං රූං මී මැස්සෝ”, “දුලීකා” චිත්‍රපටයට කළ “ආදර මල් පවනේ”, “වාසනා” චිත්‍රපටයට කළ “ඔබ ළඟ ඉන්න”, “ළසඳා” චිත්‍රපටයට කළ “මා ප්‍රාර්ථනා ආශාවෝ”, “වසන්තයේ දවසක්” චිත්‍රපටයට කළ “දේදුන්නෙන් එන සමනලුනේ”, “ජනක සහ මංජු” චිත්‍රපටයට කළ “කෝ මා පැතූ” වැනි ගීත චිත්රටපට ගීතයේ සංගීතයට හොඳ නිදසුන් ය.
එසේම ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය බිඳ දමමින් විප්ලවීය නිර්මාණ බිහිකිරීමෙහි ලා කේමදාසයන් දැක් වූ සමත්කම අතිමහත් ය. ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” චිත්‍රපටයේ එන “උදුම්බරා හිනැහෙනවා”, පරාක්‍රම නිරිඇල්ලගේ “සිරිමැදුර” චිත්‍රපටයේ එන “කන්යාබවි” වැනි ගීත විප්ලවීය සලකුණු සඳහා නිදර්ශන වේ.
සිනමාරූපි වූත්, භාවානුරූපි වූත් පසුබිම් සංගීතයක් සඳහා මූලිකත්වය ගැනීම ආචාර්ය ෙප්‍ර්මසිරි කේමදාසයන්ගෙන් වූ දැවැන්ත කාර්යයක් බව විචාරක මතයයි. ප්‍රථමවරට එවැනි චිත්‍රපට සංගීතයක් මුණගැසෙන්නේ ඔහු සංගීතය නිර්මාණය කළ “සැනසුම කොතැනද?” චිත්‍රපටයෙනි. තේමා සංගීතය, පසුබිම් සංගීතය හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. “ගොලු හදවත” චිත්‍රපටයේ සංගීත භාවිතය ද විශිෂ්ට ය. එහි එන චරිතවල ඇතුළාන්ත ආත්මය රූපයටත් වඩා සංගීතයෙන් ෙප්ර්ක්ෂකයාට රැගෙන යෑමට ඔහු වෙත වූ දක්ෂතාව පුදුමසහගතය. කේමදාසයන් වෙතින් නිර්මාණය වූ විශිෂ්ටතම සංගීත භාවිතාව සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “නිධානය” , චිත්‍රපටය බව විචාරක හා විද්වත් මතය වේ.
ෙප්‍ර්මසිරි කේමදාසයන් සංගීතයේ විවිධ අංශ පර්යේෂණයට භාජනය කළ අයෙකි. “දෑස නිසා” හි සංගීතය එවැනිය. එහි ප්‍රථම වරට චරිත හා සිදුවීම් නිරූපණයට මිනිස් කට හඬ, සංගීත මෙවලම් සඳහා යොදාගත්තේ ය. “තුන්වැනි යාමය” මිනිස් හඬ ප්රබලව මුසු කරගත් චිත්‍රපටයකි. “හිමින් සැරේ පියාවිදා” තේමා ගීතය ද “හංස විලක්” චිත්‍රපටයට යොදා ගත් ආකාරය විශ්සිතය. චිත්‍රපටයේ ප්‍රබල අවස්ථා සඳහා විටින් විට මෙම ගීතය ඇසෙන්නට සැලැස්වීම, මෙරට ප්රේාක්ෂකයා ලද වෙනස්ම අත්දැකීමකි. එයින් “හංස විලක්” සඳහා ද ලැබුණු ආලෝකය සුළුපටු නොවේ.
ආචාර්ය කේමදාසයන් වේදිකා නාට්යයැය කලාවට ද, ටෙලි නාට්‍යයකය කලාවට ද සංගීතයෙන් කළ විස්කම් සුළු කොට තැකිය නොහැකි ය. “අංගාරා ගඟ ගලා බසී”, “ජුලී”, “ඒකාධිපති”, “මකරාක්ෂ”, “ධවල භීෂණ” වැනි වේදිකා නාට්‍යය ද , “වෙද හාමිනේ”, “දඬුබස්නාමානය”, “අකාල සන්ධ්‍යා “, “සතර දෙනෙක් සෙන්පතියෝ”, “සදිසි තරණය”, වැනි ටෙලි නාට්‍යයක උදෙසා කළ විශිෂ්ට සංගීතයට සාක්ෂි සපයයි.
ඔහු සරල ගී සඳහා කළ තනු නිර්මාණ සොඳුරුය. පණ්ඩිත් අමරදේව ගයන “විකසිත පෙම්”, නන්දා මාලනී ගයන “අම්මාවරුනේ”, ටී. එම්. ජයරත්න ගයන “මේ අයුරින් අපි සංසාරේ”, අමරසිරි පීරිස් ගයන “ළඳුනේ” වැනි ගීත මේ රස භාවයන්ට හොඳම නිදර්ශන සපය යි.
ගීතයෙන් ද නොනැවතෙන ප්‍රේමසිරි කේමදාසයන් ගීත නාටක, ඔපෙරා, සංධ්වනි සේම කැන්ටාටා ද නිර්මාණය කළේය. “බැරිසිල්”, “නවරැල්ල”, “කැලෑමල්”, “සිතිජය”, ගීත නාටක ද, “මුහුද”, “මගේ කාලයේ මව්නි”, “සිංහල අවුරුද්ද”, “නියඟය සහ වැස්ස”, ඔහු නිර්මාණය කළ සංධ්වනි අතර වේ.
බුදුන්වහන්සේගේ , පරිනිර්වාණය පාදක කරගෙන කේමදාසයන් විසින් නිර්මිත “පිරිනිවන් මංගල්යටයය” කැන්ටාටාවකි. එය විශ්ව සංගීතය තුළ මුණගැසෙන එකම බෞද්ධ කැන්ටාටාව වේ.
සංගීතය පිළිබඳ ඔහුගේ චින්තනය පුළුල් ය. 2008 වසරේ ඔක්තෝබර් මස 24 වැනි දින සමුගන්නා විට ඇතිවූ හිදැස පුරවාලීමට සමතකු අද ද පහළ නොවීම , මෙරට සංගීත ක්ෂේත්‍රයට ඇති වූ බරපතල තත්ත්වයකි.
අනුසාර මාහිංගොඩ