හෙට අලුත් දවසක් ඉතින් ආයුබෝවන්.

“සියහඬ”
Siya Handa
ඇය මගේ ආදරණීය දරුවෙකි.
මට හැකි ශක්ති ප්‍රමාණයෙන්
ඇයව පෝෂණය කලෙමි.
එහෙත් අප නිතරම
කතා බහ කලේ
“අපේ සියහඬ ”
යන අපේකම මුසු කල
ආදරණීය ඇමතුමෙනි.
මේ කටයුත්තට මා සමග
උර දුන් ඇප කැප වුන
බොහෝ පිරිසක් වේ.
එයිනුත් මටත් වඩා
වෙහෙසුණු අය සිටි..
සියහඬ අන්තර්ජාල
ගූවන් විදුලිය වෙනුවෙන්
ඉමහත් කැප කිරීම් කල
සමහරෙකු සජීවීව මට
තවමත් මුණ ගැසී නැත..
එහෙත් මුණ නොගැසීම
මේ කටයුතු වලට කිසිසේත්ම
බාධාවක් වූයේ නැත..

විටෙක අතීශය මිතුරු වූ
අප නොගැලපෙන
සමහර තැන් වල ගැටුනද
කිසිදාක සදාකාලික සතුරන් නොවිමු..
අපේ එකම හැගීම වූයේ
සියහඬ නම් වූ
අපේ දරුවා සරු ලෙස
පෝෂණය කිරීමය..
මේ වේදිකාවට විවිධාකාර
හැකියාවෙන් පිරි
සොඳුරු මිනිසුන් ගොන්නක්
එකතු වෙනු දැකීමයි..
මම ඒ කටයුත්තේ
පෙර ගමන් කාරිය වීමි..

සුදේශ් කරුණාතිලක
Sudesh Karunathilake
කළණ මිතුරාගේ
මග පෙන්වීමෙන්
මුහුණු පොත
හිමු ආරියරත්න කිවිඳුන් ගේ
කොළඹ කවිය කවි පිටුවටද
එතනින්
හේමදාස ලියනගේ කිවිඳුන් ගේ
සඳස කවි පිටුව සමග ද එකතු විමී.
හේමදාස කීවිඳුන්ගේ
ආරාධනයෙන් මුල් අඩිය තැබූ
සඳස රේඩියෝ
මගේ රේඩියෝ ගමනේ
ආරම්භයයි… 💐

සඳස රේඩියෝ තුල
ලැබූ ආධුනික රේඩියෝ අත්දැකීම් සහ
තාක්ෂණික අත්දැකීම් ඇති
අයගෙන් ලද ගුරු හරුකම්
සහ අත්විඳිමින් අත්දකිමින් ලද
සියල්ලත්….. රේඩියෝවට ඇතී
මගේ අතිශය ආදරයත්
සියහඬට සහ කලාවට
පෙම් බැඳි බොහෝ දෙනෙකුගේ සහය සහයෝගය ලෙන්ගතු ආදරය මැද
සියහඬ දරුවා
වසර 11 සම්පූර්ණ කරමින්
12 වෙනි වසරට පා
තබන්නට ආසන්නයේ සිටී..😍❤️

සුදේශ් කරුණාතිලක
හේමදාස ලියනගේ
ධම්මික අනඳබණ්ඩාර
සංජීවනී දසනායක
තානායම්පල කණ්ඩායම
නයනසේන වන්නිනායක
බණ්ඩාර රාජපක්ෂ
අනූ දෙල්තලාව
රුවන් රත්නායක
නෙරංජි ලියනගේ
සවීනා නානායක්කාර
ජානි වසන්ති
නලින් ජයවර්ධන
නිමල් පෙරේරා
ඩයස් කිරි ආරච්චි
සුජීව ක්‍රිෂාන්ත ඇතුළු
නාට්‍ය කණ්ඩායම
තාරා තක්ෂි
අශෝක් ජිනසේන
දුර්ගා ප්‍රනාන්දු….
ලක්මි… ස්වර්ණා බන්නැහැක… සංජිමා රාජපක්ෂ… ඉෂූ වීරවර්න… නිලංක ප්‍රදීප්… නෙත්මි… නෙත්මිණී.. සුමේධා… සඳමාලි… චිරන්ති… ලක්‌මිණි…
සඳස… සසකස කවි පිටු වල සහෘද සියල්ලෝ…
බුද්ධික පින්නදූව ඇතුලු පින්න කණ්ඩායම..
නම් වශයෙන් සඳහන් කල නොකල මට සහය දූන් සියලු දෙනා වෙත හදවත ගැබුරින් නැගෙන කෘතවේදීත්වය ස්තූතිය ආදරයත් සමඟ පුද කරමි..
අපමණව කැපවුණු ඔබේ කාර්යය භාර්ය
හදවතේ ආදරණීය මතකයක්.. ❤️
වසර 11 ක් පුරා තාක්ෂණික සහය ලබාදෙන
Isoft ලංකා සහ රංගික මල්ලී.. රජිත් තිවංක මල්ලී. ඔබලා වෙතද මගේ තුති කුසුම්.. 🙏💐❤️

සෑහෙන කාලයක සිට
මගේ අවිවේකී බව
හේතුවෙන්
සියහඬ රේඩියෝව
අතර මග නතර වීම හෝ නතර වෙනවා දකින්නට මා තුල ඇති දැඩි නොකමැත්ත නිසාත්…එය තවකෙකුට පවරා
සියහඬ කටයුතු වලින්
මිදෙන්නට තීරණය කලෙමි.

නොනැවතී මේ කටයුතු
කරගෙන යනු ඇතැයි
දැඩි විශ්වාසයෙන්
සියහඬ රේඩියෝ ව
ඉදරියට කරගෙන යාමට
කාංචනා පෙතියාගොඩ මහත්මියට
Kanchana Pethiyagoda
හාර දෙන්නට කටයුතු
සූදානම් කරමින් සිටිමි.
එතුමිය දක්ෂයි.. රසික ප්‍රතිචාර බොහෝ ලබන බොහෝ කටයුතු වල යෙදෙන මහත්මියක්.. ගූරු තූමියක්… නායකත්වයට මනා හැකියාවක් තියෙන කෙනෙක් බව දන්නවා එතෙර මෙතෙර රසික ආදරය ලබන සහයෝගයෙන් කටයුතු කළ හැකි මහත්මියක්.
ඉතාම සුහදව සහ ගව්රවයෙන් මා කල යෝජනාව ආදරයෙන් පිලිගත්තාය.

ඒ නිසා මෙතෙක් නිලයක් වශයෙන්
මා ඇතුළු අප සැම දැරූ නිලතල වලින් අප
අද සිට නිදහස් වෙන බව දන්වා සිටින අතර මට ලබා දුන් සහය සහයෝගය
වෙනුවෙන් සහ
මෙතෙක් ආ ගමන්
මග පුරා මා හා අත්වැල් බැදගත්
වැඩ සටහන් සම්පාදක සම්පාදිකාවන්
සංස්කරණ ශිල්පීන් ශීල්පිනියන් ශිල්පීන් සියහඬ ලබැඳියන් සියලු දෙනා වෙත
මගේ ප්‍රණාමය නැවතත් පුද කරමි..❤️

ඉඩ ලද විටෙක වැඩ සටහනක් කිරීමට බලාපොරොත්තුව ඇත
.. අපි හැමෝම කලාකාමී හදවත් ඇත්තවුන්ය
අලුත් වැඩ සටහනක්
අලූත් සභාපතිත්වය යටතේ කරන්නටත්
එක් වෙන්නැයි ඔබට ආරාධනා කරමි..

ගෙවුන කාලය මා නිසා ඔබට සිත් රිදීමක් අතපසුවීමක් සිදූ වුනී නම් සියල්ලටම සමාව
අයදිමි..

සියහඬ නව සභාපතිනිය
Kanchana Pethiyagoda
මහත්මියෙනි… ඔබේ ධූර කාලය
සියහඬ දරුවා
සරුසාර රසාස්වාදයක් ජනිත කරවන
සොඳුරු රසවන්තයෙකු වේවායි
හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
ඒ සදහා ඔබතුමියට තව තවත් දිරිය සවිය ශක්තියම ලැබේවා පතමි.. 🙏❤️

නිහැඬියාව බිඳිමින්
දවසක හමුවෙන තුරු
ඉතින් ආයුබෝවන්..
බොහොමත්ම ස්තුතියි..
ආදරෙයි හැමදාමත්.. ❤️
මම… හිතවත් අනුෂා…
2025.09.23

Scroll to Top