දේශීය කුළුබඩු පිළිබඳ සිහිගන්වන විට වැදගත් ස්ථානයක් ඉඟුරුවලට හිමි වෙයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි මහගු ඖෂධයක් ලෙස ඉඟුරු ප්‍රමුඛස්ථානය උසුලන අතර කොවිඩ් 19 වැනි වසංගත රෝගවලින් ආරක්ෂා වීමට ද ඉඟුරු ආහාරයට හෝ පානයට එකතු කර ගැනීමට ආයුර්වේද වෛද්‍යවරු උපදෙස් දෙති. ආහාර රසගන්වන ස්භාවික කුළුබඩුවක් ලෙසත් විවිධ බෙහෙත් වර්ග සෑදීම සඳහා අවශ්‍ය ස්වභාවික ශාකසාරයක් ලෙසත් ඉඟුරු භාවිත වේ. මේ වන විටත් ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන ඉඟුරු තේ පානයට බොහෝ දෙනෙක් හුරු වී සිටින්නේ වෙනත් කෘත්‍රිම පාන තුළින් අත්කර ගත නොහැකි නීරෝගි බව ඉඟුරු තුළින් ලබා ගත හැකි නිසාවෙනි. ශ්‍රී ලංකාවේ පහසුවෙන් වගා කළ හැකි ඉඟුරු තුළින් අත්කර ගත හැකි වාසි බොහොමය. ඒ අතර ආර්ථිකමය වශයෙන් මෙන්ම සෞඛ්‍යමය වශයෙන් වාසීන් රැසක් ලබා ගත හැකිය.
ඉඟුරු පානය
පොතු ඉවත් කරගත් ඉඟුරු කැබලි දෙක තුනක් ගෙන සෝදා බ්ලෙන්ඩ් කර ගන්න. එම ඉඟුරු ඉස්මවලට වතුර වීදුරු භාගයක්, ලෙමන් තේ හැඳි තුනක් සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කර හොඳින් කවලම් කර ගෙන පානයට සුදුසු ආකාරයට සකසා ගන්න. සෙම් රෝගවලින් පෙළෙන අය උණුසුම් පානයක් ලෙස සකසා ගෙන පානය කිරීම සුදුසු අතර වෙනත් අයකු නම් අයිස් කැට ස්වල්පයක් දමා පානය කළ හැකියි.
බර අඩු කර ගැනීම සඳහා ඉඟුරු කැබලි කිහිපයක් ගෙන පොතු ඇර හොඳින් සෝදා කුඩු කර(බ්ලෙන්ඩ් කර) එයින් තේ හැදි දෙකක් පමණ වවතුර වීදුරුවකට එකතු කරන්න.හොඳින් කවලම් කර විනාඩි දහයකට පමණ පසු පානය කරන්න. ඔබ මෙය පානය කළ යුත්තේ කෑමට පැය භාගයකට පෙරය.
ඉඟුරු පානයෙන් අත්වන වාසි
උදරයට සැහැල්ලු බවක් ලැබීම,
මොළයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා වීම,
හන්දිපත් ආදී වේදනාව අඩු වීම,
ශරීරයේ බර අඩු වීම
ඉඟුරුවල ඇති ගුණ
ඉඟුරු සෙම්ප්‍රතිශ්‍යාවට මෙන්ම කැස්සටද බොහො ගුණවත් ඖෂධයකි.
ඉඟුරු සතුව ප්‍රතිවෛරස, ප්‍රතිදිලීර හා විෂධාතු ඉවත් කෙරෙන විශේෂ ගුණ තිබේ.
උදරාබාධවලට අතිශයින් ගුණදායකය. හෙළ වෙදකමේ ද උදරාබාධවලට ලබා දෙන අත්බෙහෙත් වලදී ඉඟුරු අනිවාර්යයෙන් වරදින්නේ නැත.
ආහාර ගැනීමෙන් පසු ඉස්මුරුත්තාව සැදුණොත් ඒ අපහසුතාවෙන් මිදීමට ඉඟුරු අන්තර්ගත උණුසුම් පානයක් ගැනීමෙන් ඉක්මනින් ගුණ ලැබේ.
ඉඟුරු ජීරණය වේගවත් කරයි සේම ජීරණක එන්සයිම ඝ්‍රාවය වැඩි කරයි.
ආන්ත්රික පිළිකා,පුරස්ථි පිළිකා මෙන්ම චර්ම පෙනහළු වකුගඩු හා අග්න්‍යාශික පිළිකා මර්දනයටද පිළිකා සෛල මැඬලිමටද ඉඟුරු ඉවහල් වේ.
ඉඟුරු ප්රතිපදාහික ඔසුවකි. හන්දිපත් රෝග, ආතරයිටීස් ආදියට හේතු වන්නේ මේ ශරීරයේ ප්රදාහික ආවරණයයි .ඉඟුරු මේ ප්රදාහිකතාව මර්දනයට උපකාරී වෙයි.
ඉරුවාරදයට බලපාන ප්‍රොස්ටග්ලැන්ඩින් හෝමෝනය වෑස්සීම අඩපණ කරන නිසා ඉඟුරු ඉරුවාරදයට ද ගුණදායකය.
කාන්තාවගේ ඔසප් ගැටලුවලටද සහනය ඉඟුරුවලින් ලැබේ. ඉඟුරු මිශ්‍ර පානයක් පානය කිරීමෙන් ඔසප් වේදනාවේ සිට අධිකව රුධිරය වෑස්සීම, ඔසප් චක්‍රය ක්‍රමවත් නොවීම ආදී සියලු ගැටලුවලට පිළියමක් ලැබේ.
ඉඟුරු වල ඇති ප්‍රතිදිලීර සහ ප්‍රතිජීවක ගුණාංග නිසා දත් අමාරුකම්වලින් සහනය ලැබේ.
ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, රුධිරවාහිනි අවහිරතා ඉවත් කිරීම, හෘර්දයාබාධ මැඬලීමටද ඉඟුරු උපකාරී වේ.
සිළුමිණ