කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට ශ්‍රී ලංකාවට සහය වන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහතික වෙයි. මෙම විශේෂ හමුව අරලියගහ මන්දිරයේ දී ඊයේ (22) පැවැත්විණි.
විශාල ප්‍රමාණයක් එන්නත් ලබා ගැනීමේදී ඒවා ලැබුණු වහාම එන්නත් කිරීම සහ අදාළ කටයුත්ත පරිපාලනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන් අතර මෙහිදී එකඟතාවක් ඇති විය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් මහත්මිය, ලෝක සෞඛ්ය සංවිධානයේ නියෝජිත වෛද්යී රාෂියා පෙන්ඩ්සේ මහත්මිය මෙන්ම යුනිසෙෆ් නියෝජිත ටිම් සුටන් මහතා මෙම හමුවට එක්ව සිටියහ.
“මෙම අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට පූර්ණ වශයෙන් කැපවී සිටිනවා” යැයි හනා සිගර් මහත්මිය පැවසුවාය.
“බොහෝ රටවල කොවිඩ්-19 හි භයානක දෙවන රැල්ලක් පෙනෙන්නට තිබෙනවා” යැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වසංගතය අවසන් කළ හැකි එකම පියවර එන්නත් ලබාදීම බව පෙනෙන්නට ඇතැයි ද කියා සිටියේය.
මෙම විශේෂ හමුවේදී අවධාරණය වූ ප්‍රධාන පණිවිඩය වන්නේ එන්නත ලැබීමෙන් පසුව වුවද මිනිසුන්ට මෙම වසංගතය සම්බන්ධයෙන් උදාසීන වී කටයුතු කළ නොහැකි බවයි.