පසුගිය බදාදා (16) කුරුවිට යුද්ධ හමුදා කඳවුර තුළ බුද්ධ අනුරුවක් විනාශ කළ බවට සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින වීඩියෝව, වැරදි අර්ථකතනවලට මඟපෑදෙන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වන වීඩියෝවක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.
මෙම බුද්ධ අනුරුව 2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තැනූ අනුරුවක් බවත් බවද ඔහු පෙන්වා දෙයි.
වසර ගණනාවක්, වෙසක් කලාප වල ප්‍රදර්ශනය කිරීමෙන් පසු තවදුරටත් ප්‍රදර්ශනයට නුසුදුසු තත්ත්වයට පත්වීම නිසා, කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පැවති හෙයින් කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාණ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදු කර 2020.12.16 දින එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඔහු ප්‍රකාශ කරයි.