උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ කටයුතු මෙම සති අන්තයේ සිට


උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට ලබාගන්නා දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

උත්සව සමයේ නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට හෝ හුදෙකලා කිරීමක් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති නමුත් පවතින තත්වය සළකා ඕනෑම අවස්ථාවක සංචරණ සීමා පැනවිය හැකි බැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙසද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බවත් එලෙස වෙන්කරගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද විශාල වගකීමක් පැවරෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top