පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ මෑත දිනයකය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එයට පෙර නිකුත් විය. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ද ළඟදීම නිකුත් වීමට නියමිතය.
මේ සෑම විභාගයක් ම ජයග්‍රහයකයින් සහ පරාජිතයින් අතර මාරාන්තික සටනක් බවට පත්වෙමින් පවතී. විභාග ප්‍රතිඵල; බොහෝ දෙනා දැන ගන්නට කැමති, එහෙත් එය විඳින්නාට කවර ආකාරයෙන් දැනෙන්නේ දැයි නො සලකන, අවස්ථාවකි. මේ තත්ත්වය ලංකාවට පමණක් ආවේණික කරුණක් නොවේ. ඉන්දියාවෙත් මේ සම්බන්ධව ඇත්තේ අප හා සමාන ආකල්පයක් බව සිනමාකරුවන් විසින් වරින් වර ගොඩනංවන නිර්මාණ අතර අපට කැපී පෙනේ.
2019 වසරේ තිරගත වූ චිචෝරේ (Chhichhore) ද එබඳු චිත්‍රපටයකි. එය විටෙක සංත්රාසය ද විටෙක ශෝකය ද විටෙක හාස්‍යයය ද ඉස්මතු කරවන චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය වඩාත් වැදගත් වන්නේ, සිනමාකරු අපට ඉහළම ගණයේ සමාජ පණිවුඩයක් ඇඟට පතට නොදැනී දැනෙන්නට සලස්වන බැවිනි. එහි අධ්‍යක්ෂකවරයා නිතේෂ් තිවාරි අධ්යක්ෂණයට පිවිසුණේ Chillar Party චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. ඒ 2011 වසරේ ය. ඒ වසරේ හොඳම ළමා චිත්‍රපටයට හිමි ජාතික චිත්‍රපට සම්මානය ද ඔහු දිනා ගත්තේය. ඉන්පසු ඔහු නිර්මාණය කළේ bhoothnath returns චිත්‍රපටයයි.
ඔහුගේ තෙවන චිත්‍රපටය වඩාත්ම කතාබහට ලක්වූ Dangal ය. අමීර් ඛාන් ප්‍රධාන නළු නිළි පිරිසක් රඟපෑ මෙම චිත්‍රපටය Beijing International Film Festival ජාත්‍යන්තර චිත්‍රපට සිනමා උළෙලේ දී සම්මානයට පාත්‍ර වූ අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2000 කට වැඩි ආදායමක් උපයා ගැනීමටද සමත් විය. එය ලෝකය පුරා ඉංග්‍රීසි නොවන චිත්‍රපටයක් ඉපයූ පස්වන වැඩිම ආදායමයි.
තිවාරි හැට දෙවන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම අධ්යක්ෂ ලෙස සම්මානය ද දිනා ගත්තේය.
ඉහළ ප්‍රේක්ෂක අවධානයකට ලක්වූ චිචෝරේ (Chhichhore) චිත්‍රපටය හයදෙනකු වටා ගෙතුන කතාවකි. චිත්‍රපටය ආරම්භ වන්නේ වර්තමාන යුගයෙනි. මැදිවියට පත් වෙමින් සිටින අනිරුද් එක් දරුවකු ගේ පියාය. ඔහු සිය සුරූපී භාර්යාවගෙන් වෙන් වී සිටියි. ඔවුන් දෙදෙනාම කාර්යබහුලය. එසේම තම එකම දරුවා වෙත ඔවුන් දෙදෙනාගේ ම අවධානය යොමු කරයි. එහෙත් ඔවුන්ගේ කාර්යබහුල බව, ඔහුට ලැබිය යුතු ආදරය ලබා දෙන්නේ ද යන ප්රශ්නය අපට ඇති කරයි. එයටත් වඩා තාත්තා සහ අම්මා පෞද්ගලිකව ද අතිශය සාර්ථක දෙදෙනෙක් බැවින්, දරුවා සිතන්නේ ඔහු ද ඒ හා සමානව සාර්ථක විය යුතු පුද්ගලයකු බවය. තාත්තා විශ්වාස කරන්නේද පුතණුවන් අතිශය සාර්ථක විය යුතු බවය. පුතු රාඝවු ගේ ඉලක්කය ඉංජිනේරුවකු වීමය. කෙසේ වෙතත් විභාග ප්‍රතිඵල නිකුත් වන විට පුතා අසමත්ය.
මේ ප්‍රවෘත්තිය පුතා දැනගන්නේ තම හොඳම මිතුරා ගේ මහල් නිවාසයේ උඩුමහලේ සිට පරිගණකය මගින් ප්‍රතිඵල පරික්ෂා කරන අතරතුරය. එය ඔහුට දරන්නට බැරි විය. තාත්තාත් අම්මාත් වැනි සාර්ථක මිනිසුන් අතර අසාර්ථක මිනිසකු වූ තමා එයට මුහුණ දෙන්නේ කෙසේද? මවුපියන් එයට මුහුණ දෙන්නේ කෙසේද? රාඝවු හමුවේ පවතින ගැටලුවලට ඔහුට වෙනත් විකල්ප නැත. ඔහු කරන්නේ ගොඩනැඟිල්ලේ උඩු මහලේ සිට එකවරම බිමට පැනීම ය. රෝහලට ගෙන යන දරුවා ජීවත් වන්නේ මරණය අභියස ය. කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් කෙරෙහි වෛද්‍යවරුන් පවා බලාපොරොත්තු තබන්නේ නැත. අනිරුද් හෙවත් අනි සිය භාර්යාව නොහොත් දරුවාගේ මව යන දෙදෙනාම රෝහලට පැමිණෙයි. වෛද්‍යවරු විසින් රාඝවු ට ජීවත්වීමට කැමැත්තක් නොමැති බැවින් ඔහුගේ තත්ත්වය පිරිහෙමින් පවතින බව ප්‍රකාශ කරයි. තම පුතා පරාජිතයකු ලෙස හැඳින්වීමට බිය වී ඇති බව වටහා ගත් තාත්තා කරන්නට හදන්නේ අමුතුම වෙදකමකි. ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ද නොතකාය. භාර්යාව ද කැටුව දරුවා ගේ මරණාසන්න ඇඳ ළඟට යන ඔහු තම පාසල් ජීවිතයේ අතීත කතන්දරය දිග හරින්නට පටන් ගනියි.
මේ කතාව පරාජිතයන් පිළිබඳවය. තාත්තා ද පාසලේ දී නවාතැන් ලබන්නේ පරාජිතයන් සිටින නේවාසිකාගාරයකය. එහි සෙසු නේවාසිකාගාරවල මෙන් ජයග්‍රාහකයන් නැත. එහි සිටින්නේ වැදගම්මකට නැති එක එක ජාතියේ පුද්ගලයන්ය. එකකු කැමති ලිංගික රූප සහිත පුවත්පත්වලට ය. ඔහු සෙක්සා ය. තවත් එකකු සිය මව කෙරෙහි දැඩි ආදරයක් දක්වන බැවින් ඔහු මම්මී නමැති හාස්‍ය නමින් හඳුන්වයි. එකෙකු බේබද්දෙකි. ඔහු සිතා සිටිනුයේ තමා දේව්දාස් හැටියටය.
මේ එකිනෙකා එක එක වර්ගයේ පරණ ශිෂ්‍යයන්ය. එහෙත් ඔවුන් දැන් සිටින්නේ ලොවපුරා ය. එදා මේ නේවාසිකාගාරයේ ආහාර ඉතාම නරක ය. මුලින්ම නේවාසිකාගාරයට යන අනිරුද් අලුත් නේවාසිකාගාරයකට ඉල්ලුම් කළත් එය ඔහුට ලැබෙන්නේ ද නැත. කෙසේ වෙතත් මේ අපූරු මිනිසුන් සමග මිත්‍ර වන්නට අනිරුද්ට සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ කතාන්දරය තම පුතු හමුවේ කියන්නට තාත්තා උත්සාහ කරයි. එපමණක් නොවෙයි තාත්තගේ මේ වෑයමට ඒ වන විට ලොව පුරා ගොස් සිටින අර පරාජිත සගයෝ අනුග්‍රහය දක්වති. ඔවුන් සියලු දෙනා ම සිය මිතුරාගේ පුතුගේ මරණාසන්න රෝහල් ඇඳ අසලට සමීප වෙති. පුතු ගෙන් වසන් කර සිටි අපූරු කතාවක් ඔහු ඉදිරියේ දිග හරින්නට ඔවුන් ළඟ ඇත. ඒ කථාව ආරම්භ වන්නේ 1992 වසරේ ය. මෙයට වසරකට පෙර තිරගත වූ 96 නමැති දෙමළ චිත්‍රපටය හෝ එයටත් පෙර three idiots චිත්‍රපටය සිහිපත් කරවීමට කිසිසේත්ම මැළිවිය යුතු නැත.
මෙම චිත්‍රපට දෙකම චිචෝර් චිත්‍රපටය සමඟ මිශ්‍ර වනු නොඅනුමානය. three idiots චිත්‍රපටය පවසනුයේ කටපාඩම් කරගත් පාසල් අධ්‍යාපන රටාවේ ඇති වරදය: නැතහොත් වර්තමානයේ ඉන්දියාව අත්විඳින අධ්‍යාපන ක්රමයේ එක්තරා ආකාරයක ඛේදවාචකයෙකි. 96 පාසල් සමයේ යුවලකගේ අපූරු ප්‍රේම කතාවයි නැතහොත් කිසි දවසක හෙළි නොකළ ප්‍රේම කතාවයි. එසේත් නොමැතිනම් ගොළු හදවතයි. චි්චෝෙර් චිත්‍රපටය පුරා පරාජිතයින් විසින් ජය ලබන්නට ගන්නා උත්සාහය දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ අවස්ථා හාස්‍යයෙන් පිරී ඇත. එයටත් වඩා සමහර ඒවා අන්ත තක්කඩි වැඩය. මේ සියල්ල මධ්‍යයේ ඔවුන්ට විභාගයක් ද ඉදිරියේ තිබේ
කෙසේ වෙතත් මෙම පරාජිතයන්ට ජයග්‍රහණය ලැබීමට අවැසිය. ඔවුන් ගේ ඇති දක්ෂතාවයන් මත විශ්ව විද්‍යාලයේ අවසාන තරඟාවලියට සහභාගි වෙයි. ජය ලබන්නේ නැතත් ඔවුන් හොඳම පරාජිතයන් බවට පත් වෙයි. ඔවුන් ජීවිත ජයග්‍රහණය කරනුයේ එයින් ද පසුවය. මේ චිත්‍රපටය වඩාත් වැදගත් වන්නේ මිනිසුන් පරාජය වන්නේ විභාගයකින් නොවන බව පැහැදිලි කරන්නටය.
චිත්‍රපටය බොහෝ තරුණ සිසුන්ගේ මානසික ආතතිය සහ අධික කාන්සාව පිළිබඳ යථාර්ථය හෙළි කරයි. එයටත් වඩා ලොකු ලොකු සිහින දකින මිනිසුන් ඉතා ඉක්මනින් ඇදවැටෙන අන්දම පෙන්වා දෙයි. මේ සියල්ල තමන්ටත් තම පවුලේ අයටත් සුවකළ නොහැකි හානියක් ගෙන දෙනු ඇත. චිත්‍රපටය ගොඩනැගෙන්නේ පාසලේ සුන්දර කොරිඩෝ මැදය. මේ කොරිඩෝ තුළ ජීවිතයේ එක් යුගයක් අපූරුවට හෙළි කරන්නට සිනමාකරු සමත් වෙයි. ඒ විහිළු ද ඒ සියලු සිදුවීම් ද අපේම ජීවිතයේ එක්තරා වකවානුවක් නැවත හෙළිදරවු කරයි.
චිත්‍රපටය අවසාන වනුයේ ජීවත්වීමේ ආශාව ඇතිකර ගන්නා දරුවා තවත් වසරකට පසු නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කරන අන්දමිනි. මේ චිත්‍රපටය නැරඹිය යුත්තේ ඉන්දියානු චිත්‍රපටවලට ආවේණික බොහෝ ලක්ෂණ විඳගනිමින් වුව එහිදී පරාජයවීම ජයග්‍රහණය තරම්ම ජීවන පාඩමක් බවට අපට ඔප්පු කරන නිසාමය.
අරුණ ගුණරත්න
දිණමිණ