දානය යනු දීම නැතහොත් පරිත්‍යාගයයි. දස පුණ්‍ය කි‍්‍රයාවන්ගෙන් පළමුවැන්න දානයයි. දස පාරමිතාවන්ගෙන් පළමුවැන්න දාන පාරමිතාවයි. මහ බෝසතාණෝ බුදුබව ලබනු සඳහා වස්තු සම්පත් පමණක් නොව, ඇස් හිස් මස් ලේ පමණක් නොව, ජීවිතය පවා දන් දුන්හ. චාග හෙවත් ත්‍යාගය නැතහොත් දීම යනු ආර්ය ශ‍්‍රාවකයා සතු ආර්ය ධන සතෙන් එකකි.
දන් දිය යුත්තේ කවරකුට ද?
දානය හෙවත් දන් දීම ගැන නොදන්නා කෙනකු නැති තරම් ය. එහෙත් දන් දිය යුත්තේ කවරකුට ද? යන්න පිළිබඳව නම් වැඩිදෙනකු තුළ ඇත්තේ නිවැරැුදි අවබෝධයක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙද්දී පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ ප‍්‍රශ්නය ඇසූ බව ති‍්‍රපිටකයෙහි සංයුත්ත නිකාය 1 හි කෝසල සංයුත්තයෙහි කෝසල වර්ගයෙහි ඉස්සත්ථ සූත‍්‍රයෙහි (3.3.4* සඳහන් වේ.
පසේනදි කොසොල් රජ පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසී ය:
”ස්වාමීනි, කවරකුට දන් දිය යුතු ද?”
”මහරජ, යමකු කෙරෙහි සිත පැහැදේ ද ඔහුට දිය යුතු ය.”
‘කවරකුට දන් දිය යුතු දැ’යි කොසොල් රජු ඇසූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ, ‘යමකු කෙරෙහි සිත පැහැදේ නම් ඔහුට දිය යුතු ය’ යනුවෙනි.
භාග්‍යවතුන් වහන්සේ එහිදී පහත දැක්වෙන අදහස් ඇති ගාථා ද වදාළ බව එම සූත‍්‍රය අවසානයෙහි සඳහන් වේ.
”යම් සේ විදුලි පෙළ ඇති, සිය ගණන් වළාකුළු ඇති මේඝය ගුගුරමින් වසින්නේ, උස් පහත් පොළොව පුරවයි ද,
”එමෙන් ම සැදැහැති, දහම දැන උගත්, නුවණැති පුද්ගලයා භෝජන පිළියෙළකොට, ආහාරපානවලින් දුගියන් සන්තර්පනය කරවයි. හේ සතුටු සිතෙන්, විසුරුවන්නාක් සේ දන් දෙයි. ”දෙන්න, දෙන්නැ”යි අනුනටත් කියයි.
”ඔහුගේ ඒ කියමන වහින වැස්සේ ගිගුරුම වැනි ය. මහත් වූ ඒ පින් ධාරාව දායකයා මැනවින් තෙමාලන්නේ ය.”
දන් දෙන්නා වළක්වන්න එපා
”ඇයි එතැනට දෙන්නේ?”, ”ඇයි අහවලාට දෙන්නේ? ආදී වශයෙන් අසමින් සමහරුන් දන් දෙන අය වළක්වන බව සමහර විට අසන්නට ලැබේ. මේ සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අංගුත්තර නිකාය 1 හි තික නිපාතයෙහි දුතිය පණ්ණාසකයෙහි බ‍්‍රාහ්මණ වර්ගයෙහි සත්වැනි සූත‍්‍රයෙන් (3.2.1.7* මෙසේ දත හැකි ය.
”යමෙක් දන් දෙන අනිකකු වළක්වයි ද, හෙතෙමේ තුන්දෙනකුට අන්තරාය කරන්නෙක් වෙයි. තුන්දෙනකුගේ මං පහරණ සොරෙක් වැනි වෙයි. කවර තුන්දෙනකුගේ ද,
1. දායකයාගේ පිනට අනතුරු කරන්නේ වෙයි.
2. ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නේ වෙයි.
3. පළමුවෙන් ම තමාගේ ම ගුණ නසාගන්නා ලද්දේ වෙයි.
මෙහෙමත් දන් දෙන්න පිළිවන්
අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය අංගුත්තර නිකාය 1 හි තික නිපාතයෙහි දුතිය පණ්ණාසකයෙහි බ‍්‍රාහ්මණ වර්ගයෙහි සත්වැනි සූත‍්‍රයෙහි (3.2.1.7* මෙසේ සඳහන් වේ.
”ගම්දොර අපිරිසිදු ජලය එක් වන වළකන හෝ
ගවර වළක හෝ යම් ප‍්‍රාණීහු වෙත් ද, ‘ඒ සත්ත්වයෝ මෙයින් ජීවත් වෙත්වා’ යි, හැළි සේ¥ වතුර හෝ වළං සේ¥ වතුර හෝ දමත් ද, ඒ හේතුකොට ගෙන ද පින් සිදුවන බව කියමි.
”මනුෂ්‍යයකුට දුන් කල පින් සිදුවීම කියනුම
කවරේ ද,
”එහෙත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ යයි කියමි. දුශ්ශීලයාට දෙන ලද්ද එසේ මහත් ඵල ඇත්තේ නො වෙයි…”
දානය ගැන තවත් කරුණු ඉදිරියේ දී දැන ගනිමු.
රෝහිත විජයතිලක
විශ‍්‍රාමික අධ්‍යාපනඥ සහ භාවනා උපදේශක
සංස්කරණය – නිශාන්ත අමරසිංහ
දිවයින –