‘කැන් යූ හියර් මී’
රෝද හතරේ මනමාලයා, සිරි සිරිමල්, පින්සර දොස්තර, සිහින වසන්තයක්, ෂර්ලොක් හෝම්ස් සහ සුදු ඇඳගෙන කළු ඇවිදින් ඇතුළු පේ්රක්ෂක රස ඥානය කුළු ගැන්වූ ටෙලි නාට්‍ය නිර්මාණයන් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණ කලා ශිල්පී සුනිල් කොස්තාගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය ‘කැන් යූ හියර් මී’ මේ දිනවල උසස් පේ්රක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ජාතික නාළිකාවේ විකාශය වේ. මේ එ් පිළිබඳව විමසමින් ‘දිවයින සිනමා කලා’ අධ්‍යක්ෂකවරයා සමඟ කළ කෙටි කතා බහක සටහනයි.
ඔබේ නිර්මාණ භාවිතය කුමක් අරඹයා දැයි පවසමින් මේ කතා බහට ප්‍රවේශ වුවහොත්…
මගේ සෑම නිර්මාණ භාවිතයක්ම ආත්මීය ප්‍රකාශන ලෙස පේ්රක්ෂකයාට සමීප කරළීමට තමයි මා යත්න දැරුවේ. එසේ නොවන නිර්මාණ මා අතින් නිමවූවා යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මට මේ පවතින සමාජයට
වගේම රටට ලෝකයට යමක් කිව යුතුයි. මගේ නිර්මාණ භාවිතය හැසිරවූයේ එ් වෙනුවෙන්ම පමණයි කියලා මට කිව හැකියි.
‘කැන් යූ හියර් මී’… අපේ පේ්රක්ෂක සමාජයට ඇහිලා තියනවද.. දැනිලා තියෙනවද…
මම හිතනවා මේ ලැබුණු සහ ලැබෙමින් පවතින ප්‍රතිචාර නිසාවෙන් මේ නාට්‍යය පේ්රක්ෂක සමාජය ඉතාමත් ඕනෑකමින් වැළඳගත්තා කියලා. මට මේ නාට්‍යය වෙනුවෙන් සංකල්පය උපදින්නේ මහාචාර්ය හොප්කින්ගේ චිත්‍රපටයක් නැරඹුවාට පස්සේ. නමුත් මේ කතාන්දර දෙක සමාන නැහැ. හාත්පසින්ම වෙනස්. මට මේ නාට්‍ය හදන්න නිර්මාණ ආවේශය පැමිණියේ අර කිව්ව චිත්‍රපටය හරහා කීවොත් එ්ක තමයි නිවැරදි. අද අපේ සමාජයට වෙලා තියෙන්නේ අනෙකාව නොඇසී යෑමක්. එ් නිසාම තමයි මම ‘අහන්ඩ කෙනෙක් නෑ’ කියලා මේ නිර්මාණය කළේ. මේ නාට්‍ය පුරාම දිව යන චරිත හැටියට ඉන්නේ සමාජයට ඇහුනෙ නැති මිනිස්සු. හැබැයි මේ ලැබෙන ප්‍රතිචාර සාක්ෂි දරනවා අපේ සැබෑ සමාජය මේ නිර්මාණය කොතරම් දුරට වටහා ගත්තා ද කියලා.
අද දකින ටෙලි නාට්‍ය නිර්මාණ බොහොමයක් හරසුන් යැයි පේ්රක්ෂක සමාජයෙන්ම චෝදනා පැමිණියත් ජාතික නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍ය පිළිබඳව යම් ප්රශංසනාත්මක කතා බහක් තියනවා. එ් ගැන….
මෙහෙමයි. නිර්මාණවේදියෝ හැටියට අප අවබෝධ කර ගත යුතු දේ තමයි මේවා නරඹන්නේ කවුද කියන එක. සමාජයට හානිදායක ටෙලි නිර්මාණයන්ගෙන් වැඩක් නැහැ. සරල අර්ථය වගේම ගැඹුරකුත් නිර්මාණ තුළ අන්තර්ගත යුතු වෙනවා. සමහර නාළිකා මෙතැන දී ටිකක් ෆේල්. එ් අය නිර්මාණයක හරය කියන පැත්ත දිහා බලනවා අඩුවෙලා. නමුත් මෙතැන දී ජාතික නාළිකාව ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න සතුටුයි. කොහොමත් අපට තියන අභියෝගය තමයි පේ්රක්ෂකයා ජය ගැනීම. එය කරන්න නොහැකි නම් අපි දුර්වල නිර්මාණවේදියෝ වෙනවා. මම එ් දේ හිතේ තියාගෙන තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ. එ් නිසාවෙන්ම තමයි අනාගත සුබ සිහින දකින්නේ.
ඔය කියන විදිහට තරඟය තියෙන්නේ අපි අපි අතරම ද…
නැහැ. සරල ගුණාත්මක දියුණු ටෙලි කලාවක් අපට තිබිය යුතුයි. එහෙම කිව්වට මම මේ කියන්නේ සම්භාව්‍ය එ්වා එපා කියලා නෙවී. හැබැයි අපි ලෝකය සමග තරඟ කළ යුතුයි. මම එ් දේ පෙරදැරිව තමයි ‘කැන් යූ හියර් මී’ කළේ. දැන් ‘යූ ටියුබ්’ හරහා මේ නාට්‍ය ඉංගී්රසි උපසිරැුසි සමග බලන්නත් පුළුවන්. එ් වගේම ‘යූ ටියුබ්’ හී සොෆ්ට් වෙයාර් එකක් තියනවා. එ්කෙන් පුළුවන් භාෂා දෙසීයක උපසිරැුසි සමගින් මේ නාට්‍ය නරඹන්න.
අපේ රටේ සම්මාන උළෙලයන් හරහා සිදු කෙරෙන නිර්මාණ ඇඟයීම් පිළිබඳව ඔබේ දැක්ම කුමනාකාර දැයි මා විමසුවොත්…
ඔතැනදීත් අපව ඇහෙනවා අඩුයි කියලා තමයි මට මුලින්ම කියන්න වෙන්නේ. නමුත් ජූරියක් හරහා අපි කැමැති සහ අකමැති කියන දෙකම තීරණය වෙනවා. කොහොම වුණත් සම්මාන උළෙලයන්හී දී ටෙලි නාට්‍ය ප්‍රගමණයට වගේම මේ කර්මාන්තයේ ප්‍රගමණයට තීරණ ගන්නවා නම් එ්ක වඩා හොද දෙයක් හැටියටයි මා දකින්නේ.
මේ දිනවල ඔබේ වැඩ කටයුතු සහ අනාගත සැලසුම්
ගැන යමක් සඳහන් කළොත්…
‘කැන් යූ හියර් මී’ මූලික අදියර හැටියට කොටස් 50ක් කරලා ඉවරයි. දෙවැනි අදියරේ දීත් කොටස් 50ක් කෙරෙනවා. තුන්වන සහ අවසාන අදියර ලෙස තවත් කොටස් 50ක්. එ් කියන්නේ කොටස් 150 න් මේ කතාන්දරය ඉවරයි. ඊට අමතරව ලබන වසරේ දී සිනමාවට පිවිසීමේ බලාපොරොත්තුවක් තියනවා. එ් සඳහා ආරාධනාත් තියනවා. නමුත් තවම තීන්දු තීරණ ගෙන නැහැ.
සුජීව තත්සර